Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 13
590
Views
බේරුවල - ප්‍රදීපාගාරය අසළ සිදුවූ ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ 13 දෙනෙකු පමණ, මිතුරන් පිරිසක් බෝට්ටු දෙකකින් එම ස්ථානයට විනෝද වීම සදහා පැමිණ ඇති අතර, බීමතින් සිටි අවස්ථාවේ ඔවුන් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ගැටුම හට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.

එහිදී තුවාල ලැබූ දෙදෙනා කළුතර - නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණු නමුත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top