Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 13
1,828
Views
ජනාධිපතිවරණයට ඉතුරුවෙලා තියන ඉතාම සීමිත දින ගන්නත් එක්ක වටපිටාව හැම තැනම උණුසුම් වෙලා කිව්වොත්හරි. හැමතැනම කතාවෙන්නේ සෙනසුරාදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ගැන. රූපවාහිනිය, ගුවන්විදුලිය, සමාජ මාධ්‍ය මේ හැම එකක්ම එකකට එකක් නොදෙවෙනි ලෙස ඒ උණුසුම තව තවත් වැඩි කරනවා. මේ මැතිවරණ සමයේ ලංකාවේ ඉන්න විවිධ ජනප්‍රිය චරිත දේශපාලන වේදිකාවලට ගොඩවෙනවා දකින්න ලැබුනා.

මේ අතරේ හැමෝගෙම ආදරය දිනාගත්ත ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර දේශපාලනයට සම්බන්ධ වෙනවා කියලා සමහර අය කියන්න පටන් ගත්තා. ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් විදිහට ඔහු ඉදිරිපත් වෙනවා කියල තවත් සමහර අය කිව්වා. කොහොම වුනත් උණුසුම් වුන මැතිවරණ වේදිකාවේ විවිධ අපේක්ෂකයින් විවිධ පක්ෂ හා ඈඳමින් සංගාගේ නම නිතර නිතර ඇහෙන්න පටන් ගත්තා වගේම විවිධ සටහන් සමාජ මාධ්‍ය ඇතුලේ හුවමාරු වුනා.

ඉතින් ඔන්න හැමදාමත් වගේ මේ වෙන දේවල් නිශ්ශබ්දව බලාගෙන හිටපු සංගා අද තමන්ගේ ට්විටර් ගිණුමේ අපුරු පණිවිඩයක් සටහන් කරලා තිබුනා. "සමාජ මාධ්‍යවලට අනුව මම දැන් සෑම දේශපාලන පක්ෂයකටම සහ සෑම අපේක්ෂකයෙක්ටම සහය පළ කර තිබෙනවා..?"

ඔහු ඒ විදිහට මෙතෙක් දවසක් මැතිවරණ වේදිකාව හා තමන්ගේ නම ගාවමින් කතා පැතිරවූ සැමට ලබාදුන්න පිළිතුර ගොඩක් අයගේ අවධානයට ලක්වෙලා තිබුනා වගේම බොහෝ දෙනෙක් ඒ වෙනුවෙන් අදහස් දක්වන්නත් අමතක කරලා තිබුණේ නෑ. කොහොමවුනත් ඔන්න මෙවර ජනාධිපතිවරණයට සංගා සම්බන්ධවෙයි කියලා හිතාගෙන හිටපු හැමෝටම ඒක එහෙම වෙන්නේ නෑ කියලා මේ පණිවිඩය හරහා ඔහු හැමෝටම පසක් කරවා අවසන්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top