Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 13
700
Views
ජනාධිපතිවරණයට අදාළ සියලූ ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයෙන් අවසන් වනවා. මධ්‍යම රාත්‍රී 12 සිට ඡන්ද විමසීම පවත්වා අවසන් වන තුරු දේශපාලන ප්‍රචාරක කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහභාගි වන අවසන් ජන රැළිය හෝමාගම නගරයේදී පැවැත්වෙන අතර, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ අවසන් ජන රැළිය පැවැත්වෙන්නේ මැදකොළඹ ප්‍රදේශයේදියි.

එමෙන්ම ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ අවසන් ජන රැළිය මහරගම දී පැවැත්වෙනු ඇති.

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ලබන 16 වන දා පෙරවරු හතේ සිට පස්වරු පහ දක්වා සිදුකිරීමට මේ වනවිට සියලූ කටයුතු සූදානම් බවයි මැතිවරණ කොමිසන් සභාව කියා සිටියේ.

එමෙන්ම, මෙවර ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයින් 35 දෙනාට හෙට මැතිවරණ කොමිෂන් සභාවට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම, ඡන්දය ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවට පැමිණෙන ලෙසටයි අපේක්ෂකයින්ට දැනුම් දී ඇත්තේ.

ඔවුන්ට පැමිණීමට අපහසුතාවක් පවතින්නේ නම් එම අපේක්ෂකයාගේ බලයලත් නියෝජිතයන් දෙදෙනෙකුට කොමිසමට පැමිණෙන ලෙස දන්වා යවා තිබෙනවා.

ඊට අමතරව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ මැතිවරණ නිරීක්ෂකයින් අතර සාකච්ඡාවක්ද අද පැවැත්වෙනවා.

මේ අතර වැල්වැටිතුරෙයි පොලීසියේ පරිපාලන දුර්වලතා හේතුවෙන් ජනාධිපතිවරණයේ තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ඉල්ලූම් කළ පොලිස් නිළධාරීණ් පිරිසකගේ අයදුම්පත් ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.

ජනාධිපතිවරණයට අදාළව තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් 54ක් ඉදිරිපත්ව ඇති අතර ඉන් 43ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි ඔහු කියා සිටියේ. අයදුම්පත් 43න් 25ක්ම ප්‍රතික්ෂේප වී ඇත්තේ පොලිසියේ පරිපාලන දුර්වලතා හේතුවෙන් බවට අනාවරණ වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

කෙසේ වෙතත්, මෙලෙස තැපැල් ඡන්ද ප්‍රතික්ෂේප වූ අයදුම්කරුවන්ට එළඹෙන 16 වනදා ඡන්දය ප්‍රකාශ කිරීම සදහා නිවාඩු ලබාදීමට ද තිරණය කර ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේ
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top