Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 13
214
Views
පිළිකා රෝගයකින් පෙළෙන තම මිතුරා වෙනුවෙන් ලෝකේ වටේම දිව යන මිතුරෙකු භාරගත් අභියෝගයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

අදාළ පුවත වාර්තා වන්නේ එංගලන්තයෙන්.

ඔහු නමින් නික් බටර්.

තම මිතුරෙකුගේ පිළිකා රෝගයක් සමඟ පිළිකා රෝගීන් සඳහා අරමුදල් රැස්කිරීම ඔහුගේ අරමුණ වී තිබෙනවා.

ඒ සඳහා ඔහු රටවල් 196 ක මැරතන් ධාවන තරංග 196 කට තිබීම විශේෂත්වයක්.

2018 වසරේ ජනවාරි මාසයේදී කැනඩාවෙන් ආරම්භ කළ මැරතන් ධාවනය ඔහු පසුගිය ඉරිදා දින ග්‍රීසියේ ඇතැන්ස් නුවර මැරතන් ධාවන තරඟයකින් පසු නිමකර තිබෙනවා.

ඔහු සිය තරඟ සංචාරය නිමකිරීමෙන් අනතුරුව පැවසුවේ මේ වනවිට දැඩි වෙහෙසට පත්ව ඇති බවයි.

නික් බටර් තම අභියෝගය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන්නේ තමන් අවම වශයෙන් සතියකට රටවල් දෙකකට හෝ සංචාරය කරමින් මැරතන් තරඟ සඳහා එක්වූ බවයි.

මෙම අභියෝගය සම්පූර්ණ කිරීමට ඔහුට දින 674 ක් ගත වූ බවයි නික් බටර් එහිදී පැවසුවේ

         


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top