Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 13
497
Views
ටික්‌ ටොක්‌ භාවිතා කරන්නන් කෝටි පනහක්‌ ලොව පුරා විසිරී සිටින බවට විශ්වාස කෙරේ. ඉන් වැඩි ප්‍රතිශතය නව යෞවන වියේ පසුවන්නන්ය.
 
 මෙය කෙටි වීඩියෝ උපාංගයකි. ඩිජිටල් භාෂාවෙන් කියතොත් එය ඇප් එකකි. බොහෝ වීඩියෝ නිර්මාණය වන්නේ සංගීත ඛණ්‌ඩයක්‌ තේමා කර ගනිමිනි. ඊට අනුරූපව අභිනයක්‌ හෝ රංගනයක්‌ ඉදිරිපත් කරමිනි.
 
 ටික්‌ටොක්‌ හඳුන්වා දුන් චීන සමාගමේ වටිනාකම ඩොලර් මිලියන 75 කට අධික බවට ඇස්‌තමේන්තු කර තිබේ.
 
 කෙසේ නමුත් ටික්‌ටොක්‌ උපාංගය ඇතැම් රටවල දේශපාලනඥයන්ගේ බරපතළ අවධානයට පාත්‍ර වී ඇත.
 
 චීන ජාතික සමාගමකට අයිති මෙම ඇප් එක තම රටේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ විය හැකි දැයි ඔවුහු සැක පළ කරති. ඇත්තටම ටික්‌ටොප් ආරක්‍ෂිතද? එය ක්‍රියාත්මක වන්නේ කෙසේද?
 
 ටික්‌ටොක්‌ ඔස්‌සේ මුදා හැරෙන්නේ තත්පර 15 ක වීඩියෝවකි. ඉන් බොහොමයක්‌ තනා ඇත්තේ ගීතයකට මුමුණන ආකාරය දක්‌වමිනි. හාස්‌යෝaත්පාදක වීඩියෝ සහ අසාමාන්‍ය සංස්‌කරණ උපක්‍රම සහිත වීඩියෝ ද ඒ අතර පවතී.
 
 ඒවා අන්තර්ජාලයට මුදා හැරීමෙන් අනතුරුව ඕනෑම කෙනෙකුට නැරඹීමේ හැකියාව පවතී. ගිණුම් හිමියන්ට අවශ්‍ය නම් සීමා පැනවීම් සිදු කළ හැකිය.
 
 එක්‌ එක්‌ ග්‍රාහකයාගේ රුචිකත්වය කෙසේදැයි සොයා බැලීමට අන්තර්ජාල විශ්ලේෂක විධි ක්‍රම පවතී.
 
 පෞද්ගලික පණිවිඩ හුවමාරු කර ගැනීම සඳහා ද ටික්‌ටොක්‌ පහසුකම් සපයා ඇති අතර එය තම මිතුරු ලැයිස්‌තුවට පමණක්‌ සීමා කර තිබේ.
 
 වයස අවුරුදු 13 කට වැඩි ඕනෑම කෙනෙකුට මෙය පරිහණය කළ හැකි අතර දෙමාපියන් විසින් සීමා පනවනු ලැබීමේ පහසුකම ද ලබා දී තිබේ.
 
 මෙහි දීර්ඝ කාලීන සාමාජිකයන්ගෙන් බහුතරය මුලදී බාගත කර තිබුණේ. ඵමිසජ්කගකහ නමැති උපාංගයයි. නමුත් ටික්‌ටොක්‌ දියත් කළ බයිටේඩාන්ස්‌ සමාගම විසින් 2017 දී එය පවරා ගනු ලැබිණි. පසුව මෙම ඇප් දෙකම එකම වේදිකාවක්‌ බවට පත් කෙරිණි.
 
 බේජින් අගනුවර බයිටේඩාන්ස්‌ සමාගම සතුව තවත් මෙවැනිම උපාංගයක්‌ පවතී. චීන වාරණ නීතිවලට අනුකූලව ව්‍යාපාරය පවත්වාගෙන යා යුතු වන හෙයින් ඩෙනින් නමැති මෙය ක්‍රියාත්මක වන්නේ වෙනත් ජාලයක්‌ හරහාය.
 
 මෙය මතභේදයට තුඩු දුන් සමාගමකි. පසුගිය වසරේ මෙය ඉන්දියාවේ තාවකාලික තහනමකට ලක්‌ විය. එක්‌සත් ජනපදය හා ඒකාබද්ධව සිදු කෙරුණු පරීක්‍ෂණයකින් හෙළි වූයේ බාලවයස්‌කාරයන්ද සංගීත ගිණුම් පවත්වාගෙන ගොස්‌ ඇති බවය.
 
 එම වදරට බ්‍රිතාන්‍ය පවුම් මිලියන 4.3 ක දඩයක්‌ ගෙවීමට ඔවුනට සිදු විය. එක්‌සත් ජනපදයේ සිටින විවේචකයන් අනතුරු අඟවමින් කියා සිටින්නේ, මෙම ඇප් පාවිච්චි කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු පිටස්‌තරයන් අතට පත්වීමේ අවදානමක්‌ පවතින බවය. චීනයේ සමාජ මාධ්‍ය පරිහරණය කරන සියලු දෙනාගේ තොරතුරු ලබා ගැනීමට චීන රජයට තිබෙන නිත්‍යානුකූල හැකියාව පිළිබඳවද බොහෝ දෙනාගේ බරපතළ සැලකිල්ලට බඳුන් වී තිබේ.
 
 නමුත් බයිටේඩාන්ස්‌ සමාගම පවසන්නේ තම ඇප් පාවිච්චි කරන වෙනත් රටවැසියන්ගේ තොරතුරු වෙනම ගබඩා කර ඇති අතර, ඒවා චීන රජයට ලබා නොදෙන බවය.
 
 ටික්‌ටොක්‌ සමාගමේ නියෝජිතයන්ට කොන්ග්‍රස්‌ කමිටුවක්‌ ඉදිරියේ පෙනී සිටින ලෙස පසුගියදා එක්‌සත් ජනපද බලධාරීහු නියෝග කළහ. 2016 දී ඇමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන සමයේ FB සමාජ ජාලය සහ ට්‌විටර් ජාලය ඔස්‌සෙ විදෙස්‌ පෙළඹවීම් සිදු වූ බවට චෝදනා එල්ල විය.
 
 ටික්‌ටොක්‌ හරහා ද එවැන්නක්‌ සිදුවිය හැකි බවට කොන්ග්‍රස්‌ මණ්‌ඩල සභිකයෙකු අනතුරු අගවා තිබිණි.
 
 බයිටේඩාන්ස්‌ පවසන්නේ ටික්‌ටොක්‌ ඔස්‌සේ දේශපාලන දැන්වීම් ප්‍රචාරය නොකෙරෙන බවය.
 
 නමුත් කොන්ග්‍රස්‌ සභික ටොම් කොට්‌න් කියා සිටියේ ටික්‌ටොක්‌ පාවිච්චි කරන්නන්ගේ “පෞද්ගලික සංවේදී තොරතුරු“වෙනත් ආකාරයකින් ප්‍රයෝජනයට ගැනීමට චීන බලධාරීන්ට ඇති හැකියාව තම බරපතළ සැලකිල්ලට බඳුන් වී ඇති බවය.
 
 චීන බුද්ධි අංශ සිදු කරන විමර්ශන සඳහා සහයෝගය ලබා දිය යුතු බවට චීන පාලකයන් මෙම සමාගමට බල කරනු ඇතැයි ඔහු කනස්‌සල්ල පළ කරයි.
 
 බයිටේඩාන්ස්‌ සමාගම පවසන්නේ 2019 වසර තුළ තම සමාගම බොහෝ වෙනස්‌කම්වලට භාජනය වී ඇති බවය.
 
 ඔවුන් වීඩියෝ පට තුළ අඩංගු විය හැකි සහ විය නොහැකි දෑ පිළිබඳව පොදු නීති රීති හා මගපෙන්වීම් ජාත්‍යන්තර පාරිභෝගිකයන්ට හඳුන්වා දී තිබේ. එමෙන්ම එක්‌සත් ජනපදයේ ගිණුම් පරිපාලනය එක්‌සත් ජනපදය තුළම සිදු කෙරේ.
 
 එක්‌සත් ජනපදයේ සිටින ටික්‌ටොප් ගිණුම් හිමියන්ගේ තොරතුරු චීන බලධාරීන් අතට නොයැමට වගබලා ගැනීම සඳහා තුන්වන පාර්ශ්වයක්‌ යොදාගනිමින් එය විගණනය කිරීම සිදු කෙරේ.
 
 ටික්‌ටොක්‌ පිළිබඳව එක්‌සත් රාජධානියේ ද නියාමන විමර්ශන සිදු වෙමින් පවතී.
 
 ළමුන්ගේ තොරතුරු අනිසි ලෙස පරිහරණය කර ඇත්දැයි සොයා බැලීම සඳහා විමර්ශනයක්‌ ආරම්භ කළ බව පසුගිය ජුලි මාසයේ දී බ්‍රිතාන්‍යයේ තොරතුරු කොමසාරිස්‌ එලිසබත් ඩෙනම් තහවුරු කළාය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top