Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 November 13
ඉන්දියාවේ නවදිල්ලි නුවර පවතින වායු දූෂණයේ බලපෑම අද (13) සහ හෙට (14) කොළඹ නගරයට යළි බලපාන බැවින් වයෝවෘද්ධ පුද්ගලයන් සහ ස්වසන රෝගවලින් පෙළෙන පුද්ගලයන් කොළඹ නගරයේ ගමන් බිමන් යෑමේදී මුඛ ආවරණ පැළඳීම වඩාත් යෝග්‍ය යැයි ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා ප්‍රකාශ කළේ කියුබික් මීටරයකට මයික්රොග්රෑම් 50 ක් ලෙස සම්මතව පවතින වාතයේ කුඩා අංශු ප්‍රමාණය ඊයේ (12) දහවල් කාලය වන විට මයික්රොග්රෑම් 60-70 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මෙම තත්ත්වය අද සහ හෙට මයික්රොග්රෑම් 100-120 දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බව පැවසූ ඒ මහතා ජනතාවට බිය වීමට තරම් වායු දූෂණයක් මෙයින් සිදුනොවන බවත් කීවේය.
එසේ වීමට නම් වායු අංශු මයික්රොග්රෑම් 150 කට වඩා ඉහළ යායුතු බවත් කීවේය.
මෙම වායු දූෂණයේ බලපෑම කුඩා දරුවන් ස්වසන රෝග සහිත පුද්ගලයන් සහ වැඩිහිටියන්ට ඇති විය හැකි බැවින් ඔවුන් අවධානයෙන් සිටිය යුතු බව ඒ මහතා සඳහන් කළේය. දිල්ලිනුවර සිට පැමිණි දූෂිත වායු අංශු මේ දිනවල ශ්‍රී ලංකාවේ පවතින කාලගුණික තත්ත්වය මත පහළ වායුගෝලයේ රැඳී සිටීම මෙම අවදානමට හේතුවී ඇතැයිද සරත් ප්‍රේමසිරි මහතා පැහැදිලි කළේය.
ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු දූෂණය අනතුරුදායක තත්ත්වයට පත්වීම නිසා නගරයට ඇතුළු වන වාහනද සීමාකර ඇති අතර බටහිර බෙංගාලයේ සහ බිහාර් ප්‍රදේශයේ පවතින වායු දූෂණය නේපාලයට, භූතානයට සහ බංග්ලාදේශයට බලපා ඇත.
Top