Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 12
382
Views
දැන් ලෝකයේ ඇති වන ප්‍රබලතම සහ විනාශකාරී සුළි සුළං මීට වසර 100කට පෙර පැවති ඒවාට වඩා තුන් ගුණයක ප්‍රබලත්වයකින් යුක්ත වන බව පර්යේෂකයින් පිරිසක් පෙන්වා දෙනවා.

සුළි සුළං වලින් වන හානි ගණනය කිරීමේ නව විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුවයි ඩෙන්මාර්කයේ කෝපන් හේගන් විශ්වවිද්‍යාලයේ එම විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

ඒ සඳහා ඔවුන් 1900 වසරේ සිට 2018 දක්වා සුළි සුළං 240කට වැඩි සංඛ්‍යාවක් පිළිබද අධ්‍යයනය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ නිගමනය වී ඇත්තේ ගෝලීය උණුසුම සුළි සුළංවල ප්‍රචණ්ඩත්වය ඉහළ නැංවීමට හේතු වී ඇති බවයි.

කාලගුණ වෙනසින් සුළි සුළංවලට සිදුවන බලපෑම නොසැලකිය යුතු තරම් බවයි මීට පෙර අදහස වූයේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top