Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 11
1,007
Views
කොළඹ සිට බදුල්ල දක්වා පැමිණි රාත්‍රි දුම්රියේදී අවුරුදු 15ක ගැහැනු ළමයකු අතවරයකට ලක්ව ඇති බැව් දුම්රිය ආරක්ෂක අංශයට පැමිණිල්ලක් ලැබී ඇති අතර සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු බදුල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සරණතිස්ස මාවත, මොල්ලිගොඩ, වාද්දුව පදිංචි මෙම දැරිය තම මව සමඟ අමනාපව නිවෙසින් ගොස් ගෝල්ෆේස් පිටියේ රැඳී සිටියදී තරුණයකු සමඟ හිතවත් වී ඔහුත් සමඟ දුම්රියෙන් බදුල්ලට එමින් සිටියදී දුම්රියේ අවන්හලේ සේවයේ යෙදී සිටි තරුණයෙක් මෙම දැරිය අවන්හල තුළට රැගෙන බලහත්කාරයෙන් අතවර කළ බවට දැරිය දුම්රිය ආරක්ෂක අංශයට පැමිණිලි කර තිබේ.

පසුව දුම්රිය ආරක්ෂක නිලධාරීන් මේ පිළිබඳව බදුල්ල පොලිසියට පැමිණිලි කර ඇති අතර මෙම සිද්ධියට සැක කෙරෙන තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර ඇත.

මෙම තරුණයන් අවුරුදු 23 සහ 32 යන වයස් කාණ්ඩවල වන අතර ඔවුන් බගවන්තලාව හා නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව පරීක්ෂණ කරන බදුල්ල පොලිසිය සඳහන් කරයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top