Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 11
257
Views
මීගොඩ, ගොඩගම ප්‍රදේශයේ උත්සව ශාලාවක මහා පරිමාණයෙන් පෙරේදා (09) අලූයම් කාලයේ පැවැති ෆේස්බුක් සාදයක් වැටලූ මීගොඩ පොලිසියේ නිලධාරීහු මත්ද්‍රව්‍ය සමඟ තරුණ තරුණියන් ඇතුළු 30 දෙනෙක් අත්අඩංගුවට ගත්හ.
අත්අඩංගුවට ගත් පිරිස අතරේ අඹුසැමි යුවළවල් තුනක් සිටින බවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඊයේ (10 ) පැවැසීය.
මෙම පිරිස් ළඟ අයිස්, හෑෂ්, ගංජා, මත්කුඩු හා විදේශීය දුම්වැටි තිබී පොලිස් භාරයට ගෙන තිබේ.
මොවුන් මුහුණ පොතෙන් දැන හැඳිනගෙන වසර දෙකක් පිරීම නිමිත්තෙන් මෙම සාදය සංවිධානය කර තිබූ බව හෙළිවිණැයි පොලිසිය පවසයි. මෙම ෆේස්බුක් සාදය සඳහා ඇතුල්වීමට ෆේස්බුක් සාමාජිකයකු ගෙන් රුපියල් 1000 ක මුදලක් අයකර ඇතැයි හෙළිව ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අම්පාර, ගාල්ල, රත්නපුර, අනුරාධපුර, ජාඇල, ඇඹිලිපිටිය, කොළඹ යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18 ත් 30 ත් අතර වයසේ පසුවන්නෝය. මෙම සාදයේ සිටි සියලූ දෙනා මත්ද්‍රව්‍ය පානය කර සිටි බව හෙළිවිණැයිද පොලිසිය කියයි. අධික ඝෝෂාකාරී ශබ්දය හේතුවෙන් ප්‍රදේශවාසීහු කළ පැමිණිල්ලකට අනුව එහි ගිය බුද්ධි අංශ ඇතුළු පොලිස් නිලධාරීන් අදාළ ස්ථානය වටලා සැකකරුවන් හා සැකකාරියන් කොටුකර ගෙන තිබේ.
සියලූ දෙනා හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී ඔවුහු ඇප මත මුදාහරිනු ලැබූහ.
ඔවුන්ට 2020 ජනවාරි 27 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කෙරිණි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top