Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 08
2,614
Views
එක්සත් රාජධානියේ Northumberland හී පිහිටි Alnwick  නම් මෙම උයන සැලකෙන්නේ ලොව මරණීයම උයන ලෙසයි. මුළු වපසරියම නොවුනත් එහි එක්තරා විශේෂ ප්‍රදේශයකදී මරණය ගෙන දෙන  අතර එම විශේෂ කොටසට ඇතුළු වීමට පෙර එහි ඇති විශාල යකඩ ගේට්ටුවේ මිනීහිස් කබලක් සහිතව, "These plants can kill, It's not for decorations either" යනුවෙන් අනතුරු හඟවා තිබෙනවා.

මෙම උයනෙහි විශේෂ කොටසෙහි ඇති ගේට්ටුවේ සඳහන් පරිදිම ⁣  එහි තියෙන්නේ ලොව මරණීයම භයානක වූත් දහස් ගනනක් වූ අධි විෂ සහිත ශාක සහ පැලෑටි වන අතර  ඒ සමහර ශාක, ඇල්ලුවත්, කොලයක් පොඩ්ඩක් රස බැලුවත්, සුවඳ බැලුවත් මරණය නියත බවටයි සදහන් වන්නේ. කෙසේවෙතත්  ලොව විෂ ශාක සහිත තවත් උයන් තිබුනත් මෙම Alnwick උයනෙහි තරම් භයානකවූත් අධි විෂ සහිත මරණීය ශාක වෙනත් ස්ථාන වල නොමැත.

තවද මෙම උයනට පහසුවෙන්  ඇතුළු වන්නට කිසිදු අවසරයක් නොමැති අතර  එයට සුදුසු ආරක්ෂිත ක්‍රම අනුගමනය කල යුතු වෙනවා. නරඹන්නට ගිය බොහෝ අය ක්ලාන්තය සෑදි වැටෙන බවත්, සමහර පැලෑටි මොනතරම් විෂ සහිතද යන්න, ඒවා
 අත නොගැටෙන පරිදි කූඩු ගසා ඇති බවත් සදහන් වෙනවා.නමුත් අධ්‍යාපනය සඳහා මෙම උයනට බොහෝ අය පැමිණෙන අතර මිනිසුන් මරණයට පත්කල හැකි ශාක ගැන අධ්‍යයනය කරන්නට මෙම උයන කදිම තෝතැන්නක් .අක්කර දහහතරක් පුරා විහිද ඇති මෙම උයනෙහි නිදහසේ සැරිසරන්නට පුළුවන් වන  අතර, දැඩි අවදානම් ලෙස තිබෙන්නේ  එක ප්‍රදේශයක් පමණයි.

එහි දැඩි ආරක්ෂිතව, ලොව පුරා ඇති මරණීය ශාක තිබෙන  අතර සමහර ශාක ඇල්ලූ සැනින් මරණය අත්වේ. මෙම විෂ ශාක අතර Foxglove, Deadly nightshade (Atropa Belladonna), Hemlock, Strychnine හී උපතවූ Strychmos nux vomica, Ricinus Communis, Laburnum වැනි මරණීය ශාකද සමහර මරණීය ඩැෆඩිල් වර්ගද තිබෙනවා.

ඔබට මෙම කොටසට යාමට අවශ්‍ය නම් පිළිපැදිය යුතු ආරක්ෂාකාරී ක්‍රම බොහෝමයක් තිබෙන අතර තම දරුවන් තමන් අසලම තබාගත යුතු වීම ඉතාමත්ම  වැදගත්. සෑම  නරඹන්නන් කණ්ඩායමකටම සංචාරක මගපෙන්වන්නෙක් සිටින අතර ඔබ එහි ඇතුළු වීමට පෙරම එම ශාක අතගෑමට සහ  රස බලන්න තහනම් බව දැනුම් දී තිබෙනවා. සමහර ශාක දුමක් වැනි විෂක් නිකුත් කරන අතර පරාග පවා විෂ සහිත බවත් ඒවා හුස්ම ගැනීමෙන්  දැඩිව අසනීප වන බව හෝ මරණයට පත්වෙන බවත් සදහන් වෙනවා.

විශේෂයයෙන් මෙම එකතුව අතර කැනබීස් (කංසා), Magic Mushrooms, Opium, Poppy, Coca, වැනි නීතිවිරෝධී මත්කාරක  යටතේ කූඩුකර වවා තිබෙන අතර ඒවා දැඩි රැකවරණ මධ්‍යයේ පවතිනවා .

මෙහි සේවයට යොදන උද්‍යාන සේවකයන්  විශේෂ පුහුණුව ලත් සේවකයින්  වන අතර ඔවුන් නිවැරදිව ජලය දමන ආකාරය සහ  පැලෑටි ගහනය වලකාලීම පිළිබඳවද මනා අධ්‍යාපනයක් ලද අයයි .

ඔවුන් මුළු කාලය තුලම අත්වැසුම් හා මුහුණු ආවරණ පැළැඳ සිටින අතර විෂ  සහිත පැලෑටි සමග ඔවුන් විවිධ පර්යෙෂණවල යෙදෙනවා. මෙහි ඇති මැඩගස්කර periwinkle පැලෑටිය ආශ්‍රයෙන් ගත් ඖෂද  තුලින්, උද්‍යාන භාරකාර ට්රෙව ජෝන්ස් ලියුකේමියා රෝගයෙන් සුවවූ බවද සදහන් වනවා. එමෙන්ම මෙම  උද්‍යානය අයිතිකාරිය Northumberland හී සුන්දර ආධිපාදවරිය වන අතර ඇය මේ උද්‍යානයට සහ විෂ සහිත කොටසට දැඩිව ආදරය කර තිබෙනවා.  කලෙක ඖෂධ මෙන්ම වර්තමානයේ විෂ වූ (cure or kill) මෙම පැලෑටි සහ ශාක වලට ඇය  ඉමහත් ඇල්මක් දක්වා තිබෙනවා .

මෙම විශේෂ කොටස හැර උයනෙහි අනිත් කොටස ඉතා මනරම් වන අතර විශේෂයෙන් දරුවන්ට පරිසරය හා ශාක ඉගෙනුම සඳහා පහසුකම් ද, ළමා උයන්ද, ක්‍රිඩා පිටිද තිබෙනවා. මෙම උයනේ  වටිනාකම ගැන ඇය පවසා තිබෙන්නේ  මෙවන් අදහසක්.

" මම හිතනවා, දරුවන්ට මෙය දැනුම ගෙන දෙන තැනක් වේවි. ඔවුන් කවමදාවත් හිතන්නේ නැතුව ඇති ඇස්ප්‍රින් නම් ඖෂධය ලැබෙන්නේ ගසක පොත්තක් තුලින් බව. වඩාත්ම අපූරු වන්නේ ශාකයක් මරණය ගෙනෙන්නෙ කෙසේද, එයින් මරණයට පත්වන්නේ කෙසේද, එහිදි මැරෙන මොහොත ඔබට දැනෙන ආකාරයත් ඉගෙනගන්නට ලැබීමයි"

නොදම්බලන්ඩ් ආධිපාදවරිය මෙම උග්‍ර විෂ ශාකවලට ඉතාමත්ම ආදරය කරන අතර ඇගේ ප්‍රියතම ශාකය " The Angels Trumpet" නම් ශාකයයි. අතිසුන්දර මලක් පිපෙන මුත් කොතරම් මරණීයද කිවහොත් එහි පරාග ආශ්වාසය පවා සුවදායි මරණයක් ලබාදෙනවා.

උපුටාගැනීම අන්තර්ජාලයෙනි..
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top