Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 08
292
Views
බම්බලපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සතුව තිබූ රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා මැණික් ගලක් මිලදී ගැනීමට පැමිණ එම මැණික් ගලට ව්‍යාජ මැණික් ගලක් මාරුකර පලාගොස් සිටි පුද්ගලයකුමාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. බම්බලපිටිය ව්‍යාපාරිකයකුගෙන් වංචනික ලෙස ලබාගත් මැණික් ගල ඔහු ඒ වන විටත් රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ 6 1/2කට අලෙවි කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.

ව්‍යාපාරිකයා ඔහු සතුව ඇති මැණික් ගල රුපියල් ලක්ෂ 15කට අලෙවි කිරීමට ඇති බවට පවසා එහි ඡායාරූප සමග මුහුණු පොතේ දැන්වීමක් දමා ඇති අතර, එම අංක අනුව සැකකරු ව්‍යාපාරිකයාට කතා කර මැණික මිලදී ගැනීම සඳහා ඉකුත් 31 වැනි ව්‍යාපාරිකයින්ගෙන් බම්බලපිටිය නිවසට පැමිණ ඇති බව ද පොලිසිය පවසයි.

සැකකරු එහිදී මැණික් ගල පරීක්ෂා කර පසුව එය ඉර අව්වට රැගෙන ගොස් පරික්ෂා කිරීමට අවශ්‍ය බවට පවසා නිවසේ පහත මාලයට පැමිණ ඉර අව්වට අල්ලා ද එය පරික්ෂා කර, එම මැණික මුහුණු පොතේ දමා තිබූ මැණික නොවන බව පවසා එම මැණික් ගල ව්‍යාපාරිකයාට නැවත දී පිටව ගොස් ඇත.

සැකකරුගේ එම ප්‍රකාශයෙන් පසු ව්‍යාපාරිකයා පසුදින මැණික රැගෙන ගොස් පරික්ෂා කිරීමේදී එය වටිනා මැණිකක් නොව ව්‍යාජ මැණික්
ගලක් බවට හෙළිවී ඇත. තම මැණික මිලදී ගැනීම සඳහා පැමිණි ගැනුම්කරුවකු තම මැණික් ගල සොරාගෙන ඒ වෙනුවට ව්‍යාජ මැණික් ගලක් මාරුකර ඇති බව ව්‍යාපාරිකයා ඉකුත් 1 වැනිදා බම්බලපිටිය පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

මැණික සම්බන්ධයෙන් මුහුණු පොතේ දමා තිබූ ඡායාරුප අනුව සැකකරු ඒ හා සමාන අයුරින් ව්‍යාජ මැණිකක් හදාගෙන ඇති බවත්, මැණික් බැලීමට පැමිණෙන අතර සැකකරු එම ව්‍යාජ මැණික ද රැගෙනවිත් ඇති බවත් පොලිසිය පවසයි. සැකකරු ව්‍යාපාරිකයාගේ නිවසේ පහත මාලයට යන අතරේ ගල මාරුකර ඇති බවත්, නියම මැණික සොරාගෙන ව්‍යාජ මැණික ව්‍යාපාරිකයාට දී ඇති බවත් පරික්ෂණවලදී අනාවරණය වූ බව ද පොලිසිය පවසයි.

සැකකරු සම්බන්ධන් සිදු කළ දිර්ඝ විමර්ශනයේදී ඔහු මාතර ප්‍රදේශයේදී පෙරේදා අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු තදින්ම මත්කුඩුවලට ඇබ්බැහිව සිටින්නකු බවද ප්‍රධාන පෙළේ දුරකතන සමාගමක සේවය කරමින් සිටින අතරේ මක්කුඩුවලට ඇබ්බැහිවීම හේතුවෙන් ඔහු සේවයෙන් ඉවත්කර ඇති බව ද පොලිසිය පවසයි.

-ඉන්දිකා රාමනායක-
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top