Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 08
524
Views

එංගලන්තයේ ලන්ඩන් නුවර පිකඩිලී රඟහලේ සිවිලිම් කොටස් කඩා වැටීමෙන් ප්‍රේක්ෂකාගාරයේ සිටි කිහිප දෙනෙක් තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කර යි.

ඇමරිකානු නළු වෙන්ඩෙල් පියර්ස් රංගන දායකත්වය සපයන, ආතර් මිලර්ගේ “Death of a Salesman” හි නව නිෂ්පාදනයක් 6 බදාදා වේදිකාවේ රඟ දක්වනවිට මෙම අනතුර සිදුව ඇත.

ප්‍රේක්ෂකාගාරයට “සිවිලිමෙන් ජලය කාන්දු වෙන්නාක් මෙන් ශබ්ද ඇසුණු” බව නාට්‍ය නිෂ්පාදන සමාගම සඳහන් කර යි.

පුද්ගලයින් 1000කට වැඩි ප්‍රමාණයක් රඟහලෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණි.

4 දෙනෙක් රෝහල් ගත කර ඇති අතර කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමින් තුන්දෙනෙක්ට එම ස්ථානයේ දීම ප්‍රතිකාර ලබා දුන් බව එරට මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර යි.    

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top