Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 08
733
Views

සියදිව හානි කරගත් IS ඉස්ලාම් රාජ්‍යයේ හිටපු නායක අබු බකර් අල්-බග්දාදිගේ පළමු වැනි බිරිඳ, ඇගේ සහෝදරිය සහ මස්සිනා තුර්කි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තුර්කි ජනාධිපති රිසෙප් තයේප් එර්ඩෝගාන් විසින් එරට අගනුවර වන අන්කාරා හිදී මෙම අත්අඩංගුවට ගැනීම නිවේදනය කර ඇත.

නමුත්, තුර්කියේ ජ්‍යේෂඨ ආරක්ෂක අංශ නිලධාරියෙකු පවසා සිටියේ තුර්කියේ හටේයි පළාතේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනුණු ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් 11 දෙනෙකු අතර මෙම කාන්තාවද සිටි බවයි.

මෙය සිරියානු දේශසීමාවට ඉතා සමීපව පිහිටි පළාතක් වන අතර, ආරක්ෂක අංශ විසින් එම තැනැත්තිය අස්මා ෆවාසි මුහම්මද් අල්-කුබෙයිසි ලෙස නම් කර තිබේ.

කෙසේ වෙතත්, සිරියාවේ කවර පෙදෙසකදී, කවදා ඔවුන් අත්අඩංගුවට ගත්තේද යන්න ජනාධිපතිවරයා සිය දේශනයේදී සඳහන් කිරීමක් නොකළ බවද විදෙස් වාර්තා පවසයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top