Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 November 08
මෙහි විත්තිකරු වූයේ මීගමුව කටුවාපිටියේ පදිංචි බී. ඒ. ඩී. ප්‍රැන්සිස් නිකුලස් (81) නමැත්තෙකි. 2011 සැප්තැම්බර් මස 7 වැනි දින විත්තිකරුගේ පිහි පහරින් මරණයට පත්වූයේ රද්දොළුව මුතුවාඩියේ පදිංචිව සිටි චන්ද්‍රd ගුණවතී නමැති 53 හැවිරිදි කතකි.
නඩු විභාගයේදී අනාවරණය වූ කරුණු අනුව විත්තිකරු විශ්‍රාමික රජයේ සේවකයෙකි. ඔහු වසර 15 ක පමණ කාලයක සිට මියගිය කත සමග අනියම් සබඳතාවක් පවත්වා ඇත. මෙම ඝාතන සිද්ධියට ආසන්නයේ මියගිය කාන්තාව විත්තිකරු සමග පැවැත්වූ අනියම් ඇසුර අත්හැරීමට සූදානම් වී ඇත. එයින් බලවත් කෝපයට පත් විත්තිකරු මියගිය අය සේවය නිමවී යමින් සිටියදී මීගමුව කඩොල්කැලේ ප්‍රදේශයේ සැඟවි සිටි විත්තිකරු ඔහුගේ අනියම් බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කර ඇත.
අධිචෝදනා භාරදීමෙන් අනතුරුව විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් වික්‍රමසිංහ මහතා විසින් විත්තිකරුට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව විත්තිකරුට අධිකරණයෙන් ඇප නියම කෙරිණි. රජයේ අධිනීතිඥ මලික් අසීස් මහතා පැමිණිල්ල මෙහෙය වීය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් වික්‍රමසිංහ මහතා පෙනී සිටියේය. මීගමුව පොලිසියේ සැරයන් (30614) එච්. ඩී. වසන්ත කුමාර මහතා පැමිණිල්ලට සහාය විය. වැඩිදුර විභාගය දෙසැම්බර් මස 3 වැනි දාට කල් තැබිණි.
Top