Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 07
1,003
Views
බීමත්ව සිටි තරුණයින් සිය ආරක්ෂක නිලධාරියෙකුගේ ගිනි අවිය පැහැරගැනීමට තැත් කිරීමත් සමඟ වෙඩි තැබීම සිදුවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ තමන්ගේ ආරක්ෂක නිලධාරීන් ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේදී කරන ලදැයි කියන වෙඩි තැබීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ කරුණු විමසීමකදීයි.

මේ අතර මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ද ටිවිටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ඔහු කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් බලවත් ලෙස කණගාටුවට පත්වන බවයි.

මෙම සිදුවීම සත්‍යයක් නම් ඒ පිළිබඳව අදාළ අංශ විසින් වහා පියවර ගනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි එම ටිවිටර් පණිවුඩයේ තවදුරටත් දැක්වෙන්නේ.

‘‘නීතිය හා සාමය රැකීම ප්‍රමුඛතාවක් ලෙස සැලකීමේ තමාගේ ප්‍රතිපත්තිය නැවතත් තහවුරු කරන බවද එහි තවදුරටත් සඳහන්.  

ඊයේ රාත්‍රී 7.30 ට පමණ මෙම සිද්ධිය වාර්තාවී ඇති අතර, එහිදී මන්ත්‍රීවරයා ගමන් ගත් රථයකට පිරිසක් බාධා කරන විට පිටුපසින් පැමිණි රථයේ සිටි ආරක්ෂක නිලධාරීන් එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් එස්.බී. දිසානායක මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු අද අලූයම අත්අඩංගුවට ගැනුණේ ගිනි අවි දෙකක්ද සමඟයි. ඔවුන් හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා අද දහවල් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එක් අයෙකු කරවනැල්ල රෝහලේත්, සුළු තුවාල ලැබූ අනෙක් පුද්ගලයා ගිනිගත්හේන රෝහලේත් ඇතුළත් කෙරුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මෙම සිද්ධිය දේශපාලනමය හේතුවක් මත සිදුවූවක් නොවන බව පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි.

 

 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top