Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 07
743
Views
ඉන්දියාවේ දිල්ලි නගරයේ පවතින වායු දූෂණය කොළඹ නගරයටත් බලපා ඇති බව හෙළිව තිබේ.ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය ප්‍රකාශ කරන්නේ කොළඹ නගරයේ වායු දූෂණය සාමාන්‍ය තත්ත්වයට වඩා දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවය. වායු ගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය 100%කින් ඉහළ ගොස් තිබේ.

ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු දූෂණය ඉතා අනතුරුදායක තත්ත්වයට පත්ව ඇති නිසා එම නගරයේ පාසල් වසා දමා තිබිණි.

බටහිර බෙංගාලයේ හා බිහාරයේ වායු දූෂණය ඉතා දරුණු වී ඇති අතර මේ අනතුරුදායක තත්ත්වය නේපාලයට, භූතානයට මෙන්ම බංගලාදේශයටත් බලපා ඇත.

දිල්ලිය ගෑස් කුටීරයක් බවට පත්ව ඇති නිසා එම ප්‍රදේශය ඉතා අනතුරුදායක බව දැක්වීමට මෙම සිතියමේ දුඹුරු පැහැයට හුරු තද රතු පාටින් දක්වා ඇත. විෂ සහිත මීදුම දකුණු ආසියාව පුරා පැතිර ඇති අයුරු රතු පාටින් දැක්වේ. කල්කටාව ද දරුණු වායු දූෂණයකට ලක්ව ඇත. නේපාලයට, භූතානයට, මෙන්ම බංග්ලාදේශයට මෙය පැතිර ඇති ආකාරය රතු පැහැය විසිර ඇති ආකාරයෙන් පෙනේ. ලංකාවේ කොළඹ හා අවට ප්‍රදේශද ලා දුඹුරු පැහැයෙන් දක්වා ඇත්තේ මේ විෂ මීදුම අපට ද අනතුරුදායක වී ඇති නිසාය. කොළ පැහැයෙන් දැක්වෙන ප්‍රදේශවල වායු දූෂණය වීමක් නැත.


Image may contain: skyscraper, sky and outdoor
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top