Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 05
1,939
Views
ශේෂාද්‍රි කොහොමද ජීවිතේ?

ගොඩාක් හොඳින් සතුටින් ඉන්නෙ.

 ඒ විශේෂ හේතුවක් නිසාද?

විශේෂම හේතුව මගේ උපාධියෙ වැඩ ටික ඉවර කර ගන්න ලැබීමයි. පාසල් ජීවිතයට සමුදීලා වසර දෙක තුනක් යනවිට උපාධිය ඉවර කිරීම තමයි මගේ අරමුණ තිබුණෙ. ඒත් ජීවිතයෙ ආපු සමහර ප්‍රශ්න එක්ක මට සෑහෙන කලක් බලා ඉන්න සිද්ධ වුණා. කොහොම වුනත් ජීවිතයට ප්‍රශ්න එද්දි නැවතත් මම මුල්තැන දුන්නෙ අතරමග නතරවූ අධ්‍යාපනයටයි. දැන් මගේ වයස අවුරුදු 28 යි. කොහොම හරි ඒ වයසෙදි හෝ උපාධිය ඉවර කිරීමට ලැබීම ගැන මට තියෙන්නෙ ලොකු සතුටක්.

මොන අංශයෙන්ද උපාධිය ලැබුවෙ?

පූර්ණ ළමා වියේ අධ්‍යාපනය පිළිබඳව.

මේ වගේ උපාධි බොහෝදෙනා තෝරාගන්නෙ නැහැ නේද?

වෙන්න පුළුවන්. ඒත් ඉස්සර ඉඳලාම මට තිබුණෙ ඉගැන්වීමේ ආසාවයි. ගුරුවරියක්ම වෙන්න  ඕනෑය කියන අදහසට වැඩිය මම ප්‍රිය කළේ ගුරු වෘත්තියට. ඉතින් ඒ නිසාම ඒ අංශයෙන් ඉගෙනීම වැඩිය හොඳයි කියලා හිතුවා. මේ උපාධියට ඉස්සෙල්ලා පෙර පාසල් අධ්‍යාපනය සම්බන්ධව ඩිප්ලෝමාවක් හැදෑරුවා. දැන් පුද්ගලික අධ්‍යාපන ආයතනයක සේවය කරනවා. ඉගැන්වීම කියන්නෙ මම හරි සතුටින් කරන දෙයක්. ආසාවෙන් හිතුව අංශයක් නිසා ආසාවෙන් තමයි එම අංශය ගැන වැඩිදුර ඉගෙන ගත්තෙත්. ජීවිතේ මුහුණදීමට සිදුවුණු සිදුවීම් එක්ක ළමයින්ට උගන්වමින් කටයුතු කරන කාලය මට ගෙන දෙන්නෙ ලොකු සැහැල්ලූවක්. මේ වෘත්තිය මම කරන්නෙ ලැබෙන මුදලට වඩා හරිම ආත්ම තෘප්තියකින්.

 මේ ටීචර්ට ළමයි ආදරෙයිද?

අනේ ඔව්. එයාලගෙ ලෝකය හරිම සුන්දරයි. ළමයින් මට කියන්නෙ ආන්ටි ශේෂාද්‍රි කියලා.

ළමයින් දඟ කරද්දී කේන්ති එහෙම යන්නෙ නැද්ද?

ළමා අධ්‍යාපනය ගැන අපි හදාරන විට මුලින්ම අපට උගන්වන්නෙ, එයාලා කොච්චර දඟවැඩ කළත් එයාලව හසුරවගන්න විදිය ගැනයි. ලොකු අය වගේ නෙවෙයි, පොඩි ළමුන් කියන දේ අහනවා.

 ශේෂාද්‍රි ආන්ටි, ළමයි සිටින අම්මලාට ළමයින් හසුරවාගන්න විදිය ගැන උපදෙසක් දුන්නොත්?

ළමයකුගේ පූර්ව ළමා විය කියන්නෙ උපන්දා සිට අවුරුදු 6 දක්වා පමණ කාලයයි. එම කාලයේදී එයාලා බොහෝ දේ කියන්නෙ කරන්නෙ එයාලගෙ අම්මා තාත්තා සහ වැඩිහිටියන් කතා කරන හැසිරෙන විදිය අනුවයි. ඒ නිසා ළමුන් වර්ධනය වන ඒ කාලයේදී ඔවුන් හොඳ යහපත් මානසිකත්වයක තැබීමට කටයුතු කරන්න. තවත් ළමයකුට තම දරුවා සසඳන්න යන්න එපා. සෑම ළමයකුම වර්ධනය වන්නෙ එකිනෙකාට ආවේනික විදියටයි. ඒ පසුබිම ළමයාට ගෙදරින් ලබාදෙන්න.

ශේෂාද්‍රි ගෙවීගිය කාලය ගැන ආපසු විපරමක් කළොත්?

ජීවිතයට අත්දැකීම් කියන දේ සෑම කාලයකදීම ලැබෙනවා. වැඩිහිටියකු විදියට පළපුරුද්ද එක්ක තමයි අලූත් විදියට හිතන්නෙ. ජීවිතයේ එක පාරක්වූ වැරැද්ද ආයෙත් වෙන්න නොදී ජීවිතය ගෙන යා යුතුයි. පසුතැවීම් වෙලා, දුක්වෙලා මානසිකව වැටිලා ජීවිතය ගෙන යන්න බැහැ. පසුතැවීමට ලක්වූ කාලයක් නම්, ඒක එක්තරා කාලයක් කියලා හිතලා ජීවිතයට අත්දැකීමක් ගෙන ඉදිරියට ගෙන යාම වැදගත්.

කලා ජීවිතයේ අලූත් විස්තර මොනවද?

මම දායක වූ චිත්‍රපට පහක් විතර තිරගත වෙන්න තියෙනවා. හැබැයි වසර පහකට විතර පෙර කළ චිත්‍රපට නිසා ඒවා ඒ කාලයේදීම තිරගත වුණා නම් මීට වඩා හොඳයි. එවිට ඒවා ප්‍රේක්ෂකයාට ග්‍රහණය කර ගන්න පුළුවනි. තරු අතර, වීර්යා සහ තාත්තා අධ්‍යක්ෂණය කළ රහයි ජීවිතේ ඒ චිත්‍රපටවලට ඇතුළත්.
ශේෂාද්‍රිගෙ ආදරේ කොහොමද?

හොඳයි ගෙදර හැමෝගෙන්ම වගේ මට ආදරය කරන අයගෙන් ආදරය ලැබෙනවා. තවම නිශ්චිතවම සැළසුම් කරලා නැති වුනත්, ඉදිරියේදී මගේ විවාහයත් සිදුවේවි.

 ශේෂාද්‍රි ගෙදර ඉන්න දවස්වලට රහට උයනවලූ නේද?

ලංකාවේ අපේ කෑම කටට රසට සැරට උයන්න මම කැමතියි. ඒ වැඬේ හරිම ආසාවෙන් කරන්නෙ.

පොඩි රෙසිපි එකක් ගැන කිව්වොත්?

 ඕනෑම කෑමක් හදන්න බැරි කමක් නැහැ.  ඕනෑම එකක් කිව්වොත් රහට හදනවා. ගෙදර අය නම් බලාගෙන ඉන්නෙ මම හදන කිරිකොස් මාළුව, පොල්සම්බල සහ කරවල ව්‍යාංජනයටයි. ඒ වගේම කෑමක් හදද්දී හැඩය පැහැය ගුණය ගැන හිතලා හොඳ ගැලපීමකට අනුව එය පිළියෙළ කරන්නත් ආසයි.

ජීවිතේ අද වනවිට ශේෂාද්‍රිට දැනෙන්නෙ කොහොමද?

සැහැල්ලූවෙන් ජීවත් වෙන්න මම ආසයි. ගොඩාක් කාර්යබහුල වෙලා ජීවත් වෙන්න කැමති නැහැ. මනුෂ්‍ය ජීවිතය කියන්නෙ උතුම් දෙයක්. ජීවිතයේ එන සියල්ලට උපන්දා සිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මැරෙනතුරා ජීවිතය ගෙවෙන්නෙ ඒ විදියටයි. ඒ සියලූ දේ අතරේ ජීවිතය සැහැල්ලූවට ගත කරන්න නම්, එක පාරක් වූ වැරදි ආයෙත් නොවන විදියට අත්දැකීම් කරගන්න වෙනවා.

 

සටහන : සඳුන් ගමගේ


20191103Shanudri-3
Image may contain: 2 people, people smiling, people standing
20191103Shanudri-1
 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top