Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 05
1,561
Views
රොක් සංගීතයේ රජු එල්විස් ප්‍රෙස්ලි මිය ගොස් දින 4කට පසු 1977 වසරේ පෘථිවියෙන් නික්මුණු ඇමරිකානු නාසා ආයතනයේ වොයෙජර් 2 ගවේෂණ යානයෙන් වසර 42කට පසුව නව දත්ත රැසක් ලැබී තිබෙනවා.

ඒ එම යානය හෙලියොස්පියර් ලෙස හදුන්වන සූර්යයාගේ බලපෑම් සහිත කලාපයෙන් නික්මී විශ්වයේ තාරකා අතර අවකාශයට පිවිසීමෙන් අනතුරුවයි.

පෘථිවිය ඇතුළු සූර්යග්‍රහ මණ්ඩලය මෙන්ම සූර්යයාගේ චුම්භක ක්ෂේත්‍රය සහිත කලාපයෙන්  ඔබ්බට ගිය ප්‍රථම යානාව වන්නේ වොයෙජර් 1 සහ 2 යානායි.

ඒවා සැතපුම් බිලියන 11ක් ඈතින් පිහිටි සූර්ය කලාපයේ කෙළවරට ළඟා වූයේ වසර 7කට පසුවයි.

වොයෙජර් 2 යානයෙන් ලැබී ඇති නව දත්ත අනුව සූර්ය කුණාටු, චුම්බක ක්ෂේත්‍රය සහ කොස්මික් කිරණ පිළිබදව නව තොරතුරු අනාවරණ කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

වොයෙජර් 2 යානයේ නිරුවත් මිනිසෙකුගේ සහ ගැහැණියකගේ චිත්‍ර, කුරුල්ලන්ගේ සහ තල්මසුන්ගේ හඩ මෙන්ම බටහිර ගායක චක් බෙරීගේ, ජොනි බී ගුඞ් ගීතය ඇතුළත් කර ඇත්තේ ක්ෂීරපථයේ කෙළවර බුද්ධිමත් ජීවීන් ඇත්නම් අපේ පෘථිවිය ගැන අවබෝධයක් ලබා ගැනීමටයි.

 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top