Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 05
752
Views
අවුරුදු හත සහ දහ වයසේ පසුවන සිය දරුවන් දෙදෙනා ලනුවකින් ගෙල සිරකර මරා දැමීමට තැත්කළ බවට සැකපිට දෙදරු මවක් අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට පත්වූයේ අගලවත්ත උදටියාවල පොලේගොඩ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි දෙදරු මවක් බව පොලිසිය පවසයි.

ඇයගේ අනියමි පුරුෂයා යැයි සඳහන් පුද්ගලයෙක් සැකකාර කාන්තාවගේ බාල දරුවා කැටුව විත් වැඩිමහල් දරුවා නිවස හැරගොස් ඇති බවට කරන ලද පැමිණිල්ලක් අනුව නිවස හැරගොස් සිටි වැඩිමහල් පිරිමි දරුවා අතුරු මාර්ගයක සිටියදී පොලිස් භාරයට ගෙන ඔහුගේ ප්‍රකාශ මත සැකකාරිය අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ ආරමිභ කර තිබේ.

මල්ලිට සහ තමන්ට මව 02 රාත්‍රී දහයට පමණ අතින් පයින් සහ කෝටුවකින් දැඩි ලෙස පහරදුන් බවත් පසුව නින්දට ගොස් සිටියදී 03 දා අලූයම හතරට පමණ දෙදෙනාම අවදිකර නිවස පිටුපස කැලයකට රැගෙන ගොස් ලනුවකින් තමාගේ බෙල්ල සිරකිරීමට මව උත්සාහ දැරීෙමිදී මවගේ අතට ගසා කැලයේ සැඟව සිටි බවත් පොලිසියට ප්‍රකාශ කර තිෙබි.

ස්වාමි පුරුෂයා විදේශ ගතව ඇති බැවින් දරුවන් දෙදෙනා හදා ගැනීමට දඬුවමි කළ බවට සැකකාර කාන්තාව ප්‍රකාශ කර ඇති අතර අලූයම හතරට පමණ දරුවන් දෙදෙනා නිවස පිටුපස කැලයකට රැගෙන ගිය බවට ඇය පිළිගෙන ඇති බවත් පැවසේ.

ස්වාමි පුරුෂයා විදේශගතව සිටින ඇය ප්‍රදේශයේම පුද්ගලයෙක් නිවසේ රඳවා ගනිමින් අනියමි සමිබන්ධතාවයක් පවත්වන බවටත් දරු දෙදෙනා සමග දැඩි වෛරයකින් ජීවත්ව සිට ඇති බවටත් කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය කියයි.

ළමුන්ට කෲරත්වයෙන් සැලකීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බැවි පොලිස් නිලධාරියෙක් පැවසිය.

ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජි.එමි. විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ළමා හා කාන්තා කාර්්‍යාංශ ස්ථානාධිපති කාන්තා උප පොලිස් පරීක්‍ෂක උමයංගනි, පොලිස් සැරයන් 33379 එදිරිසිංහ, කොස්තාපල්වරුන්වන 55321 රත්නායක, 84928 වික්‍රමසිංහ, 67061 සමරනායක, 91915 දයාසිරි පරීක්‍ෂණ පවත්වති.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top