Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 04
1,722
Views
චූටි දුව ඉපදුණේ ඔක්තෝබර් මාසෙ එකොළොස් වැනිදා. මට ඇත්තටම දුවෙක් ඉපදුණත් පුතෙක් ඉපදුණත් එහෙම ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. හැබැයි මනෝජ්නම් මුලදී ආසාවෙන් හිටියෙ පුතෙක්ට.

අම්මා කෙනෙක් වෙන අපූරු අත්දැකීම ලබන මොහොතෙදී මනෝජ් ඕෂධී ළඟින්ම හිටියද..?
ඔව් ඔව්.. බබා ඉපදුණේ සාමාන්‍ය දරු උපතකින්. කොහොමත් මුල ඉඳන්ම මනෝජ් කැමැත්තෙන් හිටියෙ සාමාන්‍ය දරු උපතකින් අපේ දරුපැටියා ඉපදෙනවා දකින්නයි. මම වුණත් සීසර් කරලා දරුවා ගන්නවාට කැමති වුණේ නැහැ. බබා ඉපදුණේ පෞද්ගලික රෝහලක. මුල ඉඳලම මම ගොඩක් පරෙස්සම් වුණා. වෛද්‍ය උපදෙස් අනුව අපි හැමවෙලේම කටයුතු කළා. සුපුරුදු දින ගණන් ළං වෙද්දී අපේ දරුවා ඉපදුණා. එදා මනෝජ් මම ළඟින්ම හිටියා. ඇත්තටම ඒක හරියට හීනයක් වගෙයි. මීට පෙර මේ වගේ අත්දැකීමක් මමවත් මනෝජ්වත් විඳලා නැහැනෙ. ඉතින් කුළුඳුලේ අපේ දරුපැටියා කෑගහන සද්දය ඇහෙද්දී ඇත්තටම මගේ තිබුණු ඒ හැම වේදනාවක්ම නැතිවෙලා අමතකවෙලා ගියා කියලයි මට හිතුණෙ. ඇත්තටම ඕනෑම අම්මා කෙනෙක්ගෙ හිතට ඇතිවන ඒ අපූරු සතුට එදා මට දැනුණා. මනෝජ්ටත් එහෙමම තමයි. එයාගේ ඇස්වල තිබුණු ඒ සතුට අදටත් මට වචනවලට පෙරළන්න තේරෙන්නෙ නැහැ. අපි දෙන්නගේ ලොකුම ලොකු බලාපොරොත්තුවක් එදා ඉෂ්ඨ වුණා.

තවම චූටි දුවට මාසයක්වත් ගෙවිලා නැහැ.. චූටි දුවගේ වැඩ කටයුතු කරන්නෙ කවුද..?
ඇත්ත.. තවමත් මටවත් මනෝජ්ටවත් ඒ දේවල් තනියම කර ගන්න තේරෙන්නෙ නැහැ. හැබැයි දරුවා ඉපදෙන්න හිටපු කාලසීමාවෙම මම වැඩ කරගත්තෙ තනියමයි. ගෙදර වැඩ, මගේ වැඩ, මනෝජ්ගෙ වැඩ, මේ හැමදෙයක්ම කර ගත්තෙ අපි දෙන්නා එකතුවෙලයි. හැබැයි බබාව ලැබුණට පස්සෙනම් මගේ අම්මා මට උදව් කරන්න ආවා. තාම චූටි දූ ගොඩක් චූටියි. තවමත් මට එයාව වගේම එයාගේ වැඩ කටයුතු තනියම කර ගන්න එක හරිම නුහුරුයි. චූටි බබෙක්ව අල්ලන එකේ ඉඳන් ඒ හැමදෙයක්ම මට නුහුරුයි. මනෝජ්ටත් එහෙමයි. ඒ නිසා මගේ අම්මා උදව්වට ඇවිත් ඉන්නවා. ඒ නිසා බබා නාවන එකේ සිට හැමදෙයක්ම බලලා කරන්නෙ මගේ අම්මා. දැන් මමත් ඒ දේවල්වලට අම්මාට ටික ටික උදව් වෙනවා.

චූටි දුවගේ වැඩවලට මනෝජ්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද..?
හැමදේටම එයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. රැකියාවේ වැඩවලට මනෝජ් එළියට ගියත් එයා වෙනදාටත් වඩා ඉක්මනට ගෙදර එන්නෙ චූටි දුව ළඟට වෙලා ඉන්නයි. චූටි දුව නිදි වෙලාවට මනෝජ් හරි ආසයි. එයා ළඟට වෙලා දුවගේ චූටි කකුල් අතගානවා. ඉස්සර මනෝජ් පුතෙකුට ආසවෙලා හිටියට දැන් එයාගේ ලෝකයම වෙලා ඉන්නෙ චූටි දුවයි. එයා දුවට හරි ආදරෙයි. මම හිතන විදිහට අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් දුවෙක්ද පුතෙක්ද කියන දේ ලොකුවට හිතන්නෙ නැහැ. හැබැයි මම දැකලා තියෙන විදිහට තාත්තලා දරුවා ඉපදෙන්න කලින් පුතෙක්ද, දුවෙක්ද කියන දේ වැඩිපුර හිතනවා. හැබැයි දරුවා ඉපදුණාට පස්සෙ ඒ හැමදේම ඒ තාත්තට අමතකවෙලා යනවා. මනෝජ්ටත් එහෙමයි. දැන් එයා වැඩියෙන් ආස දුවටයි. දරුවා ලැබෙන්න ළං වෙද්දී එයා හැමදේම ගෙනාවා. කිසිම අඩුවක් තිබ්බෙ නැහැ. කොහේ හරි යද්දී ලස්සන සෙල්ලම් බඩුවක් දැක්කත් මනෝජ් ඒක අරගෙන ආවා. දුවට ඕන කරන හැමදේම මනෝජ් බලලා ගෙනාවා. රෑට චූටි දුව අඬද්දී මටත් කලින් නැඟිටින්නෙ මනෝජ්. තාත්තා කෙනෙක් විදිහට එයාගේ පැත්තෙන් වෙන්න ඕනෙ යුතුකම් එයා හොඳටම කරනවා.

චූටි දුවට තවම නමක් දාලා නැද්ද..?
නැහැ. තවම අපිට චූටි දුවට නමක් දාන්න බැරි වුණා. අපි දෙන්නා දුව ලැබෙන්න කලින් නම් කිහිපයක්ම හොයාගත්තා. දුව ඉපදුණාට පස්සෙත් අපි තවත් නම් එකතු කළා. තවමත් එකතු කරනවා. ඉතින් ඒ නම්වලින් අපි දෙන්නම ආස කරන හොඳම නම ළඟදීම අපි දුවට තියනවා.

ඕෂධී කලා කටයුතුවලින් කොච්චර කාලයකට තාවකාලිකව සමුගනීද..?
ඇත්තම කිව්වොත් මට අද වුණත් වැඩ කරන්න හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් මේ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් දරුවෙක් ඉපදුණාට පස්සෙ ආයෙමත් ක්ෂේත්‍රයට එන්නෙ නැත්තෙ ඇඟේ තරබාරුකම නිසානෙ. නමුත් මගේ නම් එහෙම ශරීරය වෙනස් වුණේ නැහැ. මම ටිකක් මහත්වෙලා හිටියට චූටි දුව ඉපදිලා සුමානයක් එක හමාරක් විතර යද්දී මගේ ඇඟ ආයෙමත් තිබුණු තත්ත්වයටම ආවා. ඒ නිසා වැඩ කරන එකේ මට අපහසුතාවයක් නැහැ. නමුත් මම ටික කාලයක් මගේ චූටි දුවට සම්පූර්ණයෙන්ම කාලවේලාව ලබා දෙන්න ඕනෙ. ඒ නිසා ටික කාලයක් මම වැඩවලට සම්බන්ධ වෙන්නෙ නැහැ. තාවකාලිකව ඒ වැඩ කටයුතු නතර කරලයි තියෙන්නෙ. දැන් මම මූලික තැන දෙන්නෙ අපේ චූටි දුවටයි. ඇත්තටම චූටි දුව නිසා අපේ හිත් සතුටින් පිරිලා. දැන් මගෙයි මනෝජ්ගෙයි ජීවිත සම්පූර්ණයි කියලයි මට හිතෙන්නෙ.
 
දිශානි ජයමාලි
Image may contain: 1 person, smiling, sitting



Image may contain: 1 person, smiling
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top