Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 30
3,009
Views
ඇය එදින අධිකරණයට ඉදිරිපත් කළේ, මිනී මැරුම් නඩුවක සැකකාරියක ලෙසින් ය. ඇයට විරුද්ධව පොලිසිය විසින් අන්ද්‍ර ප්‍රදේශ් මහාධිකරණයට ගොනුකර තිබුණේ, ඇගේ බැතිමතකු මරා දැමීමේ චෝදනාව යි. ඇය අධිකරණයට පැමිණ සිටියේ සම්පූර්ණ නිරුවතින් ය. සාපරාධි මනුෂ්‍ය ඝාතන නඩුවකට පෙනී සිටින කාන්තාවකට නිරුවතින් අධිකරණය හමුවේ පෙනී සිටිය හැකි ද?.. ජගන්නාත රාජු විනිසුරු වරයාගේ නියෝගය අනුව, ඇය වැසෙන පරිදි විත්ති කූඩුව වටා, වට තිර ඇද තිබිණි. එහෙත් ඇය එයට ද විරුද්ධ විය. හින්දු ආගමික සාධුවරියක්‌ හෙවත් යෝගිනියක්‌ වූ ඇය නමින් මන්ගම්මා අව්වා (Mangamma avva) ය.
 
 මෙය සිදුවී ඇත්තේ, 1981 වසරේ ඉන්දියාවේ කුර්නූ ග්‍රාමයේ පිහිටි ඇගේ ආශ්‍රමයේ දී ය. වයස අවුරුදු 24ක්‌ පමණ වූ ඇය, ඉතාමත් රූමත් තරුණ කාන්තාව කි. දණ හිසෙන් ද පහළට ඇද හැළුන කාල වර්ණ දිග කේෂ කලාපයකට හිමිකාරියක වූ ඇයගේ දෙඅත් පුරා පැළඳ තිබුණේ වෛවර්ණ වීදුරු වළලු ය. ඇගේ එක්‌ අතක වූයේ රවුම් හැඩයට සකසා ගත් බිත්තරයක ප්‍රමාණයක කළුගලක්‌ ය.
 
 ජෛනාගමේ සාධුවරයන් සම්පූර්ණ නිරුවතින් මහ මග ගමන් කිරීම ඉන්දියාවේ සුලබ දර්ශනය කි. මොවුන් හඳුන්වන්නේ දීගම්බර නමින් ය. එහෙත් නිරුවත් සාධුවරියන් ඉන්දියාවේ ද සුලබ දර්ශනයක්‌ නොවේ. මන්ගම්මව්වා සාධුවරිය මහමඟ ද ගමන් ගත්තේ නිරුවතිනි. ඇය ද ජෛනාගමේ දීගම්බර සාධුවරිය කි. සාධුවරියක වූ ඇයගේ ලෝකෝත්තර හෙළුව, ඉන්දියාවට ප්‍රශ්නයක්‌ වූයේ නැත. එමෙන්ම ඇයට ද නිරුවත වසා ගැනීමේ අවශ්‍යතාවයක්‌ නොතිබුණේ, එය ඇයගේ ආගමික ඇදහීම නිස යි. ඇයට කිසිදු අවස්‌ථාවක සල්ලාලයන් ගෙන් වචන මාත්‍රයකින් හෝ කරදරයක්‌ වූයේ නැත. මගතොටේ ගමන්කරන විට ඇගේ අනුගාමික ගැහැණු පිරිමි රාශියක්‌ ඇය පසු පස ගමන් ගත්හ. මන්ගම්මව්වා සාධුවරියක වීමට පෙර මුල් නම වූයේ යසෝධම්මා ය. මන්ගම්මව්වා නමින් එයට වසර පනහකට පමණ පෙර නිරුවත් සාධුවරියක්‌ ජීවත්ව සිට මිය ගොස්‌ ඇති අතර, යසෝධම්මා ඇයගේ පුනරුප්පතිය වශයෙන් සැලකූ ගම්වාසීන්, සාධුවරියක්‌ වශයෙන් කටයුතු ඇරඹූ දින සිටම ඇය හැඳින්වූයේ මන්ගම්මව්වා නමින් ය.
 
 මගතොටේ දී හමුවන බැතිමත්හු තැන නොතැන බලා ඇය ඉදිරියේ ඉතාමත් භක්‌තියෙන් යුතුව වැඳ වැටුණෝ ය. එහි දී ඇය එම ඔවුන්ට තින්නෝරු, අළු වැනි දේ මවා ප්‍රදානය කරන්නී ය. මන්ගම්මව්වා සාධුවරියගේ ප්‍රධාන ආවතේවකරුවන් වූයේ, ඇයගේ සොහොයුරිය වූ සාවිත්‍රම්මා සහ ඇයගේ සැමියා වූ පුල්ලන්නාත් ය.
 
 මෙම නග්න සාධුවරියට විරුද්ධව පොලිසිය නගා තිබූ චෝදනාව වූයේ කුරුනූල් ග්‍රාමයේ පිහිටි ඇගේ ආශ්‍රමයේ දී රාමකොට්‌ රෙඩ්ඩි නම් වූ බැතිමතා ඝාතනය කිරීම යි. පොලිසිය චෝදනා කළ අන්දමට මෙම ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වූයේ මෙම සාධුවරිය යි. දෙවන සහ තෙවන සැකකරුවන් වූයේ, සාධුවරියගේ මස්‌සිනා වූ පුල්ලන්නාත් සහ ඔහුගේ බිරිඳ වූ සාවිත්‍රම්මා ය.
 
 මන්ගම්මව්වාට එල්ල කළ චෝදනාව, බඹරයට ගැසූ ගලක්‌ මෙන් විය. ඇගේ බැතිමත්හු මෙම චෝදනාව ප්‍රතික්‍ෂේප කරමින් පොලිසියට දෝෂාරෝපණය කරමින් කලකෝලාහල කළහ. ඒ කෙසේ වුවද සාධුවරියට සිදුවූයේ අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට යි. ඇය සිය නීතිඥවරයා මගින් මහාධිකරණයට අභියායචනයක්‌ ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ, නඩු විභාගය පවත්වන අවස්‌ථාවේ අධිකරණය ඉදිරියේ නග්නව පෙනී සිටිමින් සාක්‍ෂි දෙන අතර, තමන්ගේ නිරුවත උසාවිය බාධාවක්‌ නොකර ගත යුතු බවත් ය.
 
 අභියාචනය විභාග කළ අධිකරණය, මන්ගම්මව්වාගේ ආගම, දේව බලය කුමක්‌ වුවත් කිසිදු අධිකරණයක්‌ හමුවේ නිරුවතින් පෙනී සිටීමට අවස්‌ථාවක්‌ ලබා දීමට නොහැකි යයි තීරණය කළහ. එහෙත් මෙම නිරුවත් සාධුවරිය තමන්ගේ අභිමතය වෙනස්‌ කළේ නැත. ඇය කියා සිටියේ, තමන් සාධුවරියක්‌ වශයෙන් කටයුතු කිරීම ආරම්භ කළ සිට මේ දක්‌වා තමන්ගේ ඇඟට රෙදි කඩක්‌ දමා ගෙන නොමැති නිසා, අධිකරණය කුමන තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කළත් තමන් විළි වසා ගෙන අධිකරණයට නොපැමිණෙන බව යි.
 
 අවසානයේ දී අධිකරණය ඇයට සහනයක්‌ ලබා දුන්නේ ය. නිරුවත් සාධුවරිය සාක්‍ෂි කූඩුවට නැගුණ පසු, ජනතාව ගෙන් ඇයගේ හෙළුව ආවරණය කිරීම සඳහා එය වටා වට තිරයක්‌ අදින ලෙස ය. ඇය එම තීරණයට එකඟත්වය පළ කළේය. එලෙස කටයුතු කිරීමට අධිකරණය නියෝග කළේය.
 
 ඇය, සාධුවරියක්‌ වුවත් ගුප්ත චරිතයක්‌ ඇත්තිය කි. ඇයගේ පෞද්ගලික වූ රහසිගත ජීවිතයේ දී ඇය, ඉතාමත් කාමාධික තැනැත්තිය කි. එහෙත් විවෘත සමාජයේ දී ඇය, ඉතාමත් නිරහංකාර, ශාන්තදාන්ත වූ නිවුණු චරිතය කි. එමෙන්ම ඇයගේ සහෝදරියත්, මස්‌සිනාත් හැරෙන්නට වෙනත් කිසිවෙක්‌ සාධුවරියගේ පෞද්ගලික ජීවිතය ගැන දැන නොසිටියේ ය.
 
 ඝාතනය කෙරුණු රාමකොට්‌ රෙඩ්ඩි, මේ නිරුවත් සාධුවරියගේ බැතිමතෙකු මෙන්ම සමීපතම හිත මිතුරෙකු ද විය. කොතරම් සමීප මිතුරෙකු ද යත්, ඔහු ඇයගේ අනියම් සැමියා ය. ඇයගේ පමණක්‌ නොව, සොහොයුරිය වූ සාවිත්‍රම්මාගේ ද අනියම් සැමියා ය. දෙ සොහොයුරියන්ගේ මේ සම්බන්ධයට උදව් උපකාරි කරමින් සහයෝගය දුන්නේ, සාවිත්‍රම්මාගේ නීත්‍යානුකූල ස්‌වාමි පුරුෂයා වූ පුල්ලන්නාත් ය. සිය බිරිඳ සමඟ රෙඩ්ඩි අනියම් සබඳතාවයක්‌ ගෙන යන බව පුල්ලන්නාත් ද දැන සිටියේ ය.
 
 රාමකොට්‌ රෙඩ්ඩි ඝාතනය කර තිබුණේ, ඉතාමත් කෲර අන්දමින් ය. ඔහු මරා දමා තිබුණේ, ජනනේJද්‍රියට හානි සිදුකර ගෙල මිරිකා දැමීමෙන් බව පශ්චාත් මරණ පරීක්‍ෂණයේ දී අනාවරණය විය. අධිකරණය හමුවේ දිග හැරුණ සාක්‍ෂිවලට අනුව සිද්ධිය මෙසේ ය.
 
 පෙර සඳහන් කළ ලෙසට රෙඩ්ඩි, අක්‌කා නගෝ දෙදෙනාගේම අනියම් පුරුෂයා ය. වසර ගණනාවක්‌ම ඔවුන්ගේ මේ සම්බන්ධය පැවති අතර, ඔහුට මේ දෙදෙනා ගෙන් මිල මුදල් පමණක්‌ නොව වෙනත් ත්‍යාග තිළිණයන් ද ලැබී ඇත. මෙයට මාස කිහිපයක සිට ඔහුගේ හැසිරීමේ වෙනසක්‌ දැකගන්නට ලැබුණේ ය. ඔහු පෙර මෙන් ඔවුන් සනසාලීමට නොපැමිණියේ ය. ඔහු දැන් දැන් බොහෝ වෙලාවට ඔවුන් මඟ හැරීමට කටයුතු කළේය. මේ ගැන රහසේ සොයා බැලු ඔවුන්ට දැන ගන්නට ලැබුණේ, රෙඩ්ඩි වෙනත් කාන්තාවක්‌ විවාහකර ගැනීමට සූදානම් වන බව යි. මෙයින් ඉමහත් කෝපයට පත්, zනිරුවත් සාධුවරියZ ඔහු ගෙන් මේ වෙනස්‌වීමට හේතු විමසීය. එහි දී ඔහු කියා සිටියේ, තමන් සාධුවරියට ආදරය කළත්, ඇය හා විවාහවීමට නොලැබෙන නිසා, තවත් සති කිහිපයකින් වෙනත් තරුණිය සමග විවාහ වන බව ය.
 
 මෙය ඇසූ මන්ගම්මව්වා සාධුවරිය, කෝපාවිෂ්ඨ වූයේ සැපින්නක සේ ය. එහෙත් ඒ බව රෙඩ්ඩිට නොපෙන්නූ ඇය, ඔහුගේ විවාහයට ආශීර්වාද කරමින් සෙත් පැතීය. විවාහ වී වෙන්වීමට පෙර, දින හතරක පමණ කාලයක්‌ තමන් සමග ගත කරන ලෙස මේ සහෝදරියන් දෙදෙනා ඔහු ගෙන් ඉල්ලා සිටියේ ඉතාමත් ආදරයෙන් ය. ඔහු එයට එකඟ විය. ඔහු ආශ්‍රමයේ සිටිනවා බොහෝ දෙනෙකු දැක ඇත. එහෙත් එය අනෙකුන්ට විශේෂයක්‌ නොවූයේ රෙඩ්ඩි, සාධුවරියගේ සමීපතම බැතිමතෙක්‌ නිසා ය.
 
 දින කිහිපයකට පසු කිසිවෙකුටත් රෙඩ්ඩිව දැක ගන්නට ලැබුණේ නැත. අවසානයේ ඔහුගේ අතුරුදන්වීම ගැන පොලිසියේ පැමිණිල්ලක්‌ සටහන් විය. පරික්‍ෂණවලින් අනාවරණය වූයේ, මන්ගම්මව්වා සාධුවරියත්, ඇගේ සොහොයුරියත්, මස්‌සිනාත් එකතු වී ඔහු ඝාතනය කර ඇති බව යි.
 
 ඔවුන් සියලු දෙනාම එදින රාත්‍රියේ නින්දට ගියේ, ලිංගික ක්‍රියාකාරකම් වලින් අනතුරුව ය. සාවිත්‍රම්මා සහ පුල්ලන්නාත් නිදා සිටි රෙඩ්ඩිගේ බෙල්ලට තොණ්‌ඩුවක්‌ දමා හුස්‌ම හිර කරන අතර තුර, සාධුවරිය කළේ ඔහු මත නැගී ඔහුගේ ලිංගය හප කර දැමීම යි. zගෙල සිර කිරීම සහ තුවාලයෙන් අධික ලෙස ලේ වහනයවීම නිසා මරණය සිදු වී ඇත..... යනුවෙන් අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් විය.
 
 මෙය හුදෙක්‌ ලිංගික ඊෂ්‍යාව (Sexual Jealousy) මත සිදු කරන ලද ඝාතනයක්‌ බව තීරණය කළ විනිශ්චය මණ්‌ඩලය, සිද්ධියට සම්බන්ධ විත්තිකරුවන් තිදෙනාටම ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම් නියම කළහ. අධිකරණ නියෝගය ගැන ඇගේ අනුගාමිකයන් වීදි බැස කලබල කළත්, විත්තිකරුවන් නිහඬවම තීන්දුවට හිස නැමූහ. බන්ධනාගාර ගත කිරීමට පෙර යසෝධම්මා හෙවත් මන්ගම්මව්වා සාධුවරිය අධිකරණයට ප්‍රකාශයක්‌ කරමින් කියා සිටියේ, තමන් බන්ධනාගාර ගත කළත් ජීවිතාන්තය දක්‌වාම නිරුවතින්ම ගත කරන බවත්, එයට අධිකරණයේ අවසරය දෙන ලෙස ය. ඇයගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්‍ෂේප කළේ නැත.
 
 හයිද්‍රdබාද් ප්‍රධාන බන්ධනාගාරයෙහි ඔවුන් සිරගත කළ අතර, මන්ගම්මව්වා නිරුවත් සාධුවරිය එහි දී ප්‍රශ්නගත සිරකාරියක්‌ බවට පත් විය. ඒ ඇගේ නිරුවත යි. ඇගේ නිරුවත ගැන බන්ධනාගාර නිලධාරියෙක්‌ ප්‍රකාශ කර තිබුණේa මෙවන් අදහසක්‌ ය. ඇය අපිට හරිම ප්‍රශ්නයක්‌ වෙලා. අනෙකුත් සිරකාරියන් ගෙන් වැඩි දෙනෙක්‌ දැන් ඇයගේ අනුගාමිකයන් බවට පත් වෙලා. අනාගතයේ දී ඇය අනුගමනය කරමින් ඔවුනුත් නිරුවත් වේවි දැයි සැකයක්‌ පවතිනවා යනුවෙන් ය.

සීගිරියේ - ජයන්ත විඡේරත්න හේරත්
දිවයින පුවත්පත
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top