Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 23
796
Views

බොලිවුඩ් සුපිරි තරු සල්මන් ඛාන් ගේ Dabangg 3 චිත්‍රපටය මේ දිනවල ලෝකය පුරා බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගෙන තියනවා කිව්වොත් හරි. ගොඩක් අය මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එලියට එනකන් ඇඟිලි ගනිමින් ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. හැබැයි මේ වතාවේ වෙනදට වඩා පොඩි වෙනසක් සිදුවෙලා තියනවා. පූර්ව ප්‍රචාරක පටය එලියට එන්නත් කලින්ම මෙවර චිත්‍රපටයේ චරිත හඳුන්වා දෙන්න ඔන්න නිශ්පාදක කණ්ඩායම තීරණය කරලා තියනවා. 

මේ වෙද්දී ඉන්දියාවේ ඉන්න ජනප්‍රිය නිළි සෝනක්ෂි සිංහා Dabang චිත්‍රපට මාලාව හරහා හඳුන්වා දුන්නෙත් ඉන්දියාවේ ප්‍රියතම චුල්බුල් පාණ්ඩේ බව ඔබට මතක ඇති. 

ඉතින් මෙවර එළිදැක්වීමට නියමිතව තියෙන්නේ Dabangg චිත්‍රපට මාලාවේ තුන්වන චිත්‍රපටය. මේ සඳහාත් සල්මන් ඛාන් එක්ක රංගන දායකත්වය ලබාදෙන්නේ නවක නිළියක් කියන එක මේ වෙද්දී හැමෝම දන්නවා. එයාගේ නම Saiee Manjrekar. ඉතින් සල්මන් ඛාන්ම පහුගිය දවසක ඉන්ස්ටර්ග්‍රෑම් හරහා ඇයව හඳුන්වා දීමක් සිදුකරලා තිබුනා. ඒ මෙන්න මේ විදිහට  

"Hamari pure innocent masoom Khushi...#Dabangg3TrailerOutTomorrow@saieemmanjrekar @arbaazSkhan @sonakshisinha @PDdancing @KicchaSudeep @nikhil_dwivedi @SKFilmsOfficial @saffronbrdmedia " ලෙසයි. ඔහු විසින්ම ඇයව මේ විදිහට හඳුන්වා දීම ටිකක් විශේෂ කාරණාවක් කියලා තමයි හැමෝම කියන්නේ. 

2007 වසරේදී ප්‍රභූ දේවා විසින් Wanted චිත්‍රපටය හරහා පළමු වරට සල්මන් ඛාන් අධ්‍යක්ෂණය කර ඇති අතර නැවත වතාවක් Dabangg 3 චිත්‍රපටය හරහා අධ්‍යක්ෂණය ලබා දීමට හැකිවීම ඉතා සතුටුදායක කාරණාවක් බවයි ඔහු පවසන්නේ. 

Dabangg පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ Abhinav Kashyap වන අතර දෙවැන්න සල්මාන් ඛාන් සමඟ සම නිෂ්පාදනය කරන ලද්දේ අර්බාස් ඛාන් විසිනි. මෙම චිතරපටය මෙම වසරේ දෙසැම්බර් මස සිට තිරගත වීමට නියමිත අතර Dabangg 3 චිත්‍රපටය සඳහා සොනාක්ෂි සිංහා, සයියි මංජ්‍රෙකර් සහ කිචා සුදීප් ද රංගනයෙන් දායකවනවා. 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top