Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 20
236
Views
වසර 2030 වනවිට නව න්‍යෂ්ටික බලාගාර 21 ක් ඉදිකිරීමට ඉන්දියාව සැලසුම් කර ඇති බව එරට පරමාණු බලශක්ති දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ලේකම් කේ.එන්. ව්‍යාස්, දිල්ලි නුවර පැවැත්වෙන න්‍යෂ්ටික බලශක්ති සමුළුවක් අමතමින් අද සඳහන් කළේ ඉන් බලාගාර 7ක් දැනටමත් ඉදිකරමින් පවතින බවයි.

ආසියාකරයේ පළමු පර්යේෂණ න්‍යෂ්ටික බලාගාරය පිහිටවූ ඉන්දියාව ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු ලෙසයි බලශක්ති ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්දියාව සතුව දැනට ස්ථාන 7 ක න්‍යෂ්ටික බලාගාර 22 ක් පවතින අතර, ඉන් ජනනය කරන විදුලි ධාරිතාව ගිගාවොට් පැය 30,000 කට අධිකයි.

ඉන් විශාලතම තනි න්‍යෂ්ටික බලාගාරය වන්නේ තමිල්නාඩුවේ තිරුනෙල්වේලි දිස්ත්‍රික්කයේ කූඩන්කුලම් හි පිහිටුවා ඇති න්‍යෂ්ටික බලාගාරයයි.

එය ඉදිකිරීමේදී තමිල්නාඩු ධීවරයින්ගේ විරෝධතා එල්ල වීම නිසා නිම කිරීම කිහිපවිටක්ම පමා වුණා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top