Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 20
1,135
Views
වළස්මුල්ල - කටුවන - පුවක්ගස්ආර ප්‍රදේශයේදී 13 හැවිරිදි පාසල් සිසුවෙකු අභිරහස් ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මව නිවසට පැමිණි අවස්ථාවේදී දරුවා මියගොස් ඇති බව දැක රෝහල් ගත කෙරුණු අතර, දරුවා ගෙළ වැලලාගෙන ඇති බවටයි මුලින් සැක කෙරුණේ. මෙම සිසුවාගේ පියා පෙරවරුවේ ව්‍යාපාර කටයුතු සඳහා නිවසෙන් පිටව ගොස් සිටියදී මව නිවස අසල පිහිටි වෙලඳසැලට ගොස් ඇත්තේ නිවසට අවශ්‍ය බඩු බාහිරාදිය මිලදී ගැනීම සඳහායි.

පසුව මව නිවසට පැමිණෙන අවස්ථාවේ අප්‍රාණිකව තිබූ සිසුවාගේ සිරුර දැක තිබෙනවා. මෙම මරණය ඝාතනයක්ද නැතහොත් සිය දිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කෙරුණු අතර, එහිදී මරණය සියදිවි හානිකර ගැනීමක් නොවන බව අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී එම ප්‍රදේශයේම පදිංචි 22 හැවිරිදි තරුණයෙකු පොලිසිය සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top