Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 19
844
Views
පසුගිය මස 25 වනදා සිට අතුරුදන්ව සිටි කොග්ගල ඇගළුම් කර්මාන්තශාලා සේවිකාවගේ මළ සිරුර අහංගම - දඩුහැල - රාහුදූව වත්ත ප්‍රදේශයේ වැසිකිලි වලක තිබී පොලීසිය  පෙරවරුවේ සොයා ගත්තා.

මෙම මළ සිරුර අදාළ තරුණියගේ ඥාතීන් විසින් හඳුනාගෙන ඇති අතර, ඇය වැලිගම - මූදුගමුව - බතලවත්ත ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක්.

පොලීසිය පැවසුවේ ඇය ඝාතනය කර මෙසේ වැසිකිලි වලට දමා ඇති බව මෙතෙක් සිදුකළ පරීක්ෂණවලට අනුව අනාවරණ වී ඇති බවයි.

මෙම තරුණිය පසුගිය මස 25 වනදා වැලිගම ප්‍රදේශයේ සිට කොග්ගල ඇඟළුම් කම්හලේ සේවයට ගොස් යළි නිවස බලා පැමිණීමට පිටත්වන අවස්ථාවේ තවත් තරුණයෙකු සමග පිටත්ව ගොස් ඇති බව සඳහන්.

පොලීසිය පැවසුවේ ඇගේ පෙම්වතා බවට හඳුනාගෙන ඇති ඔහු අහංගම - දඩුහැල ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන තවත් තරුණියක් සමග එකට ජිවත් වන පුද්ගලයෙකු බවට ද, තොරතුරු ලැබී ඇති බවයි.

පසුව ඔවුන් අනෙක් තරුණිය නොමැති අවස්ථාවක කුලී නිවසට ගොස් ඇති අතර, එහිදී තම විවාහය කඩිනම් කරන්නැයි තරුණිය බල කරද්දී, දෙදෙනා අතර ආරවුලක් හට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ එම ආරවුල දුරදිග ගොස් මෙම ඝාතනය සිදුකර ඇති බවත්, පසුව මළ සිරුර වැසිකිලි වලට දමා ඇති බවත්, මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි.

තරුණිය අතුරුදන් බවට ඇගේ දෙමව්පියන් සිදුකළ පැමිණිල්ලට අනුව දීර්ඝ ලෙස විමර්ශන සිදුකර අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයේ සුලමුල හෙළි කර ගැනීමට හැකිවූ බවයි හබරාදුව පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top