Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 19
328
Views
ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මෙන්ම එංගලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව පිළිබඳව උප තානාපතිවරයෙකු ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව වෙස්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුව නොවැම්බර් 19 වන දා දක්වා කල් දමා තිබෙනවා.

මෙම නඩුව මුල සිට වෙස්ට්මිනිස්ටර් අධිකරණය හමුවේ යළි විභාග කිරීමට නියමිතව තිබුණේ ඊයේ සිටයි.

කෙසේ නමුත්, කිසිදු සාක්ෂි විමසීමකින් තොරව නඩුව කල් දැමීමට විනිසුරුවරිය තීරණය කරනු ලැබුවා.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට චෝදනා එල්ල වූයේ පසුගිය වසරේ නිදහස් දිනයේ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ පැවති උත්සවයේදී කොටි හිතවාදීන් පිරිසකට තර්ජනාත්මක සංඥාවක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.  

කෙසේ වෙතත්, ඊයේ යළි එම නඩුව කැදවූ අවස්ථාවේ චෝදනා විභාගය ඉතා සංකීර්ණ බැවින් එහි සාක්ෂි විමසීම ද මුල සිට සිදුකළ යුතු යැයි විනිසුරුවරිය ප්‍රකාශ කළ බව ලන්ඩනයේ හිරු වාර්තාකරු ජනක අලහප්පෙරුම සඳහන් කළා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top