Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 18
575
Views

ජපානයේ සත්කාරකත්වයෙන් මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටය හෙට (19දා) ආරම්භ වීමට නියමිත අතර එම තරඟවටයේ පළමු තරගයේදී පසුගියවර ලෝක අනුශූරයන් වූ ඕස්ට්‍රේලියාව හා එංගලන්තය තරග බිමට පිවිසෙයි. 

 එදිනම පැවැත්වෙන දෙවැනි අර්ධ අවසන් පූර්ව තරඟයේදී පසුගිය ලෝක ශූරයන් වන නවසීලන්තය හා අයර්ලන්තය තරඟ වදිනු ඇත. අනිද්දා (20දා) පැවැත්වෙන එම තරඟ වටයේ තෙවැනි තරගයේදී වේල්සය හා ප්‍රංශයත්, අවසන් අර්ධ අවසාන පූර්ව තරඟයේදී සත්කාරක ජපානය හා පසුගියවර ලෝක කුසලානයේ තෙවැනි ස්ථානය හිමිකරගත් දකුණු අප්‍රිකාවත් තරඟ වැදීමට නියමිතය. 

 මේ අතර මෙවර තරඟාවලියේදී සත්කාරක ජපානය පෙරළිකාරම කණ්ඩායම බවට පත්වූයේ  ‘ඒ’ කාණ්ඩයෙන් තරඟ වැදී අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට ප්‍රවේශය ලබා ගනිමිනි. ‘බී’ කාණ්ඩයෙන් තරඟ වැදුණු නවසීලන්තය තරග 3ක් ජයග්‍රහණය කරමින් එක් තරඟයක් විසඳුමකින් තොරව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි අතර දකුණු අප්‍රිකාව තරඟ 3ක් ජයගෙන එක් තරඟයක් පරාජය වී එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවෙමින් අර්ධ අවසන් පූර්ව වටයේ ඉඩ වෙන්කරගැනීමට සමත් විය. 

 එංගලන්තය හා ප්‍රංශය යන කණ්ඩායම් ද්විත්වයම ‘සී’ කාණ්ඩයේ තරඟ 3ක් ජයග්‍රහණය කර එක් තරඟයක් ජය පරාජයෙන් තොරව නිමාවට පත්කරගෙන අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙද්දී ‘ඩී’ කාණ්ඩයේ ප්‍රබලයන් වූ වේල්සය තරඟ සියල්ලම ජයගනිමින් අවසන් වටයට පිවිසියේය. 

 කෙසේ නමුත් වේල්ස් ක්‍රීඩක ජොස් ඇඩම්ස් උත්සාහක දිනුම් 5ක් සමඟින් මෙවර තරඟාවලියේ වැඩිම උත්සාහක දිනුම් වාර්තා කළ ක්‍රීඩකයා බවට පත්ව ඇති අතර ජපාන ක්‍රීඩක යූ ටමුරා ලකුණු 48ක් ලබාගනිමින් මෙතෙක් වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයන් අතර පෙරමුණේ පසුවෙයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top