Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 17
786
Views
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ලොව සුපිරිතම ක්‍රිකට් තරු සහභාගී කරවමින් පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියක් පැවැත්වීමට ඉන්දියානු ක්‍රිකට් ආයතනයේ අනුමැතිය හිමිව ඇති අතර එම තරඟාවලිය ලබන 2020 වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වේ.

පෙබරවාරි 2 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වෙන අදාළ තරඟාවලිය සදහා කණ්ඩායම් පහක් සහභාගී වන අතර එ වෙනුවෙන් තරඟ වැදීමට මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් සුපිරි ක්‍රිකට් තරු 110 දෙනකු කැමැත්ත පළ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින ලකුණු ලාභියා වන සචින් ටෙන්ඩුල්කාර් මෙන්ම ලොව වැඩිම එක්දින සහ ටෙස්ට් කඩුලූ ලාභියා වන මුත්තයියා මුරලිදරන්ද මෙම තරඟාවලියට සහභාගි වීමට කැමැත්ත පළ කර තිබේ. මීට අමතරව බ්‍රෙට් ලී, බ්‍රයන් ලාරා, ජැක් කලීස්, විරේන්ද්‍ර ෂෙවාර්ග් සහ ශිවනරීන් චන්ද්‍රපෝල් සහභාගි වන බව දැනටමත් නිවේදනය කර තිබේ.

ටෙස්ට් ක්‍රීඩා කළ රටවල විශ්‍රාම ගිය ක්‍රීඩකයන් පමණක් මෙම තරඟාවලියට සහභාගි වන අතර එහිදී අදාළ කණ්ඩායම් පහ ඉන්දියන් ලෙජන්ඩ්ස් , ඔස්ට්‍රේලියා ලෙජන්ඩ්ස්, දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස්, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස්යනුවෙන් නම් කර තිබේ.

මෙම තරඟාවලිය සංවිධානය කිරීමේ ප්‍රධාන අරමුණ ලෙස සදහන් වන්නේ ඉන්දියාවේ මාර්ග ආරක්ෂාව වෙනුවෙන් කරනු ලබන වැඩ සටහන් වලට ආධාර ලබාදීමය. තරඟාවලිය සංවිධානය කිරීමට මහරාශ්ඨ ප්‍රාන්ත මාර්ග ආරක්ෂ කණ්ඩායම සහ තවත් කළමණාකරන ආයතන කිහිපයක් එක්ව සංවිධානය කරනු ලබයි. තරඟාවලිය නියෝජනය කරන විශ්‍රාමික ක්‍රීඩකයන්ට ගෙවීම් අදාළ කණ්ඩායම්වල අනුග්‍රහක ආයතන විසින් දරනු ලබයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top