Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 16
199
Views
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඞ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ට ලබාදීම සඳහා ජංගම දුරකතන රැගෙන ගිය ඔහුගේ පියා, සොහොයුරා ඇතුළු හයදෙනා ඇප මත මුදාහැර තිබෙනවා.  

ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල වෙත සැකකරුවන් අද ඉදිරිපත් කළ අවස්ථාවේදී එක් අයෙකුට රුපියල් විසිදහස බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

පසුගිය මස 12 වනදාට යෙදී තිබූ  සිරකරුවන්ගේ දිනයේදී සැකකරු බැලීම මොවුන් බූස්ස බන්ධනාගාරයට පැමිණ සිටි අතර, එහිදී ඔවුන් කංජිපානි ඉම්රාන්ට ලබාදීමට රැගෙන ආ ආහාර අඩංගු භාජන දෙකක් බන්ධනාගාර නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව තිබුණා.

එහිදී භාජන දෙකෙහි විශේෂයෙන් සකසන ලද කොටසක් තුළ තිබී ජංගම දුරකතන දෙකක්, එම ජංගම දුරකතන දෙකෙහි චාජර් දෙක හා අඟල් 15 ක් පමණ දිග වයර් කැබැල්ලක් සොයා  ගැණුනා.

මීට අදාළ නඩුවලබන ජනවාරි මස 8 වනදා යළි කැඳවනු ඇති.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top