Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 16
369
Views
දැරණියගල - ඉළුක්තැන්න වත්ත - උඩයන්කන්ද ප්‍රදේශයේ දින 8 ක සිට අතුරුදන්ව සිටින 14 හැවිරිදි පාසල් දැරියක් සොයා පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

දැරණියගල පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ගම්වාසීන්ගේ ද සහය ඇතිව මෙම දැරිය සෙවීමේ කටයුතු සිදුකරන බවයි.

දැරණියගල කදිරේෂන් මහා විද්‍යාලයේ 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම දැරිය පාසැලේ පැවැත්වූ දේව පූජාවකට සහභාගි වී නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදී අතුරුදන්ව ඇති බවට දෙමාපියන් පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණේ පසුගිය 08 වනදායි.

අනතුරුව පොලිසිය දැරිය සොයා මෙහෙයුම් ආරම්භ කළ අතර නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් යොදවා ප්‍රදේශයෙන් සීතාවක ගඟට ගලා බසින ඇල මාර්ගයක් ද පරික්ෂාවට ලක් කර තිබෙනවා.

ඊට අමතරව පොලිස් නිල සුනඛයන්ද යොදවා ප්‍රදේශය පරීක්ෂා කළ නමුත් දැරිය පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් ලැබී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top