Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 October 16
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ තදාසන්න ප්‍රදේශවල දැවැන්ත ඝනයේ අඩි 10 ක් පමණ දිගැති සර්ප විශේෂයක් සිටිය හැකි බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින්නැයි සිඩ්නි නගරය අයත් වන නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ රජය නිවේදනයක් හරහා නිවැසියන්ට අනතුරු අඟවා තිබේ.
ලොව වෙසෙන දැවැන්තම සර්ප විශේෂයක් සේ සැළකෙන වැඩිහිටි "Boa constrictor" නමැති නයි විශේෂයට අයත් නයි හැවක් බටහිර සිඩ්නි නගරයේ "Silverdale" නමැති ප්‍රදේශයේ ඉඩමක තිබී ඉකුත් බ්‍රහස්පතින්දා සොයා ගැනීම මෙම අනතුරු ඇඟවීමට මුල් වී තිබේ.
මෙම නයි විශේෂය දැඩි සේ විෂ නොවුවද ඔවුන් මිනිසුන්ට දෂ්ට කිරීමෙන් භයානක ප්‍රතිඵල අත්විය හැකි බව පෙන්වා දී ඇති නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය මෙම නයි විශේෂය දැකගන්නට ලැබුණ හොත් ඒ පිළිබඳව වහාම වන දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසත්, එම සර්පයාගේ ඇස ගැටීමෙන් වැළකී, හැකි නම් එම සර්පයාගේ ජායාරුපයක් ගෙන ළඟ තබා ගන්නා ලෙස නිවැසියන්ගෙන් ඉල්ලීම් කර තිබේ.
Top