Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 15
1,223
Views
දකුණු කොරියානු ගායිකාවක සහ රංගන ශිල්පිනියක වන 25 හැවිරිදි Sulli සිය නවාතැනේ මියගොස් සිටිය දී සොයාගෙන තිබේ.

සැබෑ නාමය ‘චෝයි ජින් රී’ වන මේ කලාකාරිනිය 14 සඳුදා සියොන්ග්‍නම් හි පිහිටි ඇගේ නිවසේ වැටි සිටිය දී සොයාගෙන ඇති බවයි එරට පොලිසිය ප්‍රකාශ කරන්නේ.

“පෙර දින රාත්‍රියේ දුරකතනයෙන් කතා කිරීමෙන් පසු නැවත ඇය සම්බන්ධ කරගැනීමට අපොහොසත් වීම නිසා ඇයගේ කළමනාකරු ඇගේ නිවසට පැමිණ තිබෙනවා,” යනුවෙන් ප්‍රකාශ කරන සියොන්ග්‍නම් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ Sulli දැඩි මානසික අවපීඩන තත්වයකට මුහුණ දී ඇති බව යි. “පෙනෙන විදියට ඇය සියදිවි නැතිකරගෙන තියෙනවා, කෙසේ නමුත් අපි වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනවා.”

SM එන්ටර්ටේන්මන්ට් විසින් 2009 දී එළිදැක්වූ ජනප්‍රිය K-pop කාන්තා සංගීත කණ්ඩායමක් වන f(x) හි සාමාජිකාවක ලෙස Sulli කටයුතු කළා ය. 2015 දී ඇය එම කණ්ඩායමෙන් ඉවත් වුණි. ඉන්පසු රංගන කටයුතු වෙනුවෙන් ඇය වැඩි කාලයක් කැප කළා ය.

කොරියානු විනෝදාස්වාද කර්මාන්තයේ අනෙකුත් කලාකරුවන්ට සාපේක්ෂව Sulli මතබේදාත්මක චරිතයක් ලෙස සැලකුණි. පසුගිය කාලයේ දකුණු කොරියාවේ රැල්ලක් බවට පත්වූ තනපටවලින් තොරවීම පිළිබඳ සමාජ මාධ්‍ය ව්‍යාපාරයේ කැපී පෙනෙන චරිතයක් ලෙස ඇය හැඳින්වුණි. #NoBra නම් හෑෂ් ටැගය යටතේ තනපට රහිතව ඇඳුම් ඇඳගෙන සිටින තමන්ගේ ඡායාරූප පළ කිරීම නිසාත් එම ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටීම නිසාත් Sulli සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස විවේචනයට ලක්විය

Image result for sulli died

Image result for sulli died

Image result for sulli died
Image result for sulli died

Image result for sulli died
Image result for sulli died

Image result for sulli died

Image result for sulli died
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top