Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 14
753
Views

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් පන්දු යැවීම ආරම්භ කර තිබේ. ඒ අනුව ඔහු පන්දු යැවීමේ පුහුණු සැසි සඳහා එක්ව ඇති වීඩියෝවක්ද ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රකාශයට පත්කර තිබේ.

ආබාධයන්ට ගොදුරු වීම හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් පසුගිය කාලයේදී පන්දු යැවීමෙන් ඉවත්ව විශේෂඥ පිතිකරුවෙක් ලෙස පමණක් කණ්ඩායමට දායකත්වය දැක්වීය.

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීම වෙනුවෙන් බොහෝ තරගයක් පවතියි. ඒ නවක ක්‍රිඩකයන් තමන්ට ලබාදෙන අවස්ථාවලදී උපරිම ප්‍ර යෝජන ලබා ගන්නා හෙයිනි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මේ මස අවසානයේ පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස් තෝරාගෙන නොමැති බවද වාර්තා වෙයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top