Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 14
176
Views


ලෝක කාන්තා බොක්සිං ශූරතාව 6 වරක් ජයගෙන ඇති ලෝක ප්‍රකට ඉන්දීය ජාතික බොක්සිං ක්‍රීඩිකා මේරි කොම් ( MC Mary Kom) මෙවර ලෝක කුසලාන තරඟාවලියේ කිලෝ 51 බර පංතියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගත්තා.

ඒ පසුගියදා රුසියාවේ පැවති කාන්තා ලෝක කුසලාන බොක්සිං තරඟාවලියේ අවසන් පූර්ව වටයේ තරඟය යුරෝපා ශූරිය වූ තුර්කි ක්‍රීඩිකා Busenaz Cakirogluට පරාජය වීමත් සමඟයි.

ඇය ලෝක කුසලාන තරඟාවලියක අවසන් පූර්ව වටය පරාජය වූ ප්‍රථම අවස්ථාව මෙය වනවා.

ලෝක ශූරතා 6ට අමතරව මේරි කොම් 2012 වසරේ ඔලිම්පික් ලෝකඩ පදක්කමත්, ආසියානු ශූරතා පහක් මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා ඉසව් වලින් රන් පදක්කම් ද දිනාගෙන තිබෙනවා.

2018 වසරේ ඉන්දියාවේ පැවති ලෝක ශූරතාවලිය ජයගත් ඇය එවර තරඟ වැදුනේ කිලෝ ග්‍රෑම් 48 බර පංතිය යටතේයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top