Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 13
723
Views
ජපානයේ ටෝකියෝ අගනුවරට නැගෙනහිර දෙසින් වූ චිබා ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 5.7 ක භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

එරට කාලගුණ අංශ ප්‍රකාශ කළේ ජපාන වේලාවෙන් අද පස්වරු 6.22 ට පමණ එම භූ කම්පනය සිදුවූ බවයි. ජපානයෙන් මෙලෙස භූ කම්පනයක් වාර්තාවන්නේ හගිබිස් චන්ඩ මාරුතයෙන් ජීවිත හානි රැසක් සිදුවීමෙන් අනතුරුවයි.

සුළි සුළඟින් මිලියන 3 කට පමණ බලපෑම් එල්ලවන බව ජපාන රජය ප්‍රකාශ කළා. පිලිපීන බසින් වේගය යන අරුත් ඇති හගිබිස් සුළි කුණාටුව නිසා ටෝකියෝවට දකුණු දෙසින් වූ කනගාවා ප්‍රදේශයට පසුගිය පැය 24 තුළ මිලිමීටර 700 ක වාර්තාගත වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

ජල ගැල්මෙන් අතරමංවූ පිරිස් බේරාගැනීම සඳහා ජපානය හමුදාව යෙදවීමට පියවර ගත්තා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top