Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 12
603
Views
ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම මේ මස අවසන් වීමට පෙර නිම කළ හැකි බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඇය කියා සිටියේ පොලිස් ආරක්ෂාව යටතේ මෙම මුද්‍රණ කටයුතු සිදුකරන බවයි.

ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් 35 දෙනාගේ නම් අකාරාදි පිළිවෙලට සකස් කර මැතිවරණ කොමිෂන් සභාව පසුගිය බදාදා මුද්‍රණාලයට භාරදී තිබුණා.

ඒ අනුව නිල ඡන්ද පත්‍රිකා එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ මුද්‍රණය කරනු ලබන බවයි ඇය සඳහන් කළේ.

නිල ඡන්ද පත්‍රිකාව අඟල් 26 ක් දිගින් යුක්ත අතර, එය ජනාධිපතිවරණ ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව බවටයි සැලකෙන්නේ.

මේ අතර, ජනාධිපතිවරණයට අවශ්‍ය ඡන්ද පෙට්ටි මෙරට නිෂ්පාදකයින්ගෙන් මිලදී ගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ඉදිරියේදී මැතිවරණ කොමිසම විසින් මෙම ඡන්ද පෙට්ටි මිලදී ගනු ලබනු ඇති.

නිල ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය දීර්ඝ වීම හේතුවෙන් මෙලෙස වැඩිපුර ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අවශ්‍ය වූ බවයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top