Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 11
1,074
Views
කොම්පඤ්ඤවීදිය - යුනියන් පෙදෙසෙහි පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයක 33 වන මහලෙන් ඇද වැටීමෙන් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්වීම, සිය දිවි නසා ගැනීමක් බවට අනාවරණ වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මීට දින දෙකකට පෙර මොහු සිය මිතුරෙකු සමඟ මෙම හෝටලයේ නවාතැන් ගෙන සිටි බවයි.

පසුව ඊයේ දිනයේදී මිතුරා හෝටලයේ නොසිටි අවස්ථාවේදී නවාතැන්ගෙන සිටි කාමරයෙන් බිමට පැන මෙලෙස සිය දිවි හානි කරගෙන තිබෙනවා.

52 හැවිරිදි මෙම  ඕස්ට්‍රේලියානු ජාතිකයා කිසියම් සිද්ධියකට සිත් තැවුලකින් සිටි බවටයි ඔහුගේ මිතුරා පොලීසියට ප්‍රකාශ  කර ඇත්තේ.

කෙසේ වෙතත්, ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බව කොම්පඤ්ඤවීදිය පොලීසිය සඳහන් කළා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top