Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 11
318
Views
ඇල්පිටිය - ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව ඡන්දදායකයන් සියයට 50කට ආසන්න  ප්‍රතිශතයක් මේ වන විට සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. 

එමෙන්ම, මේ දක්වා ඡන්ද විමසීම සාමකාමී අයුරින් පැවැත්වෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.අද උදෑසන 7ට ඡන්ද මධ්‍යස්ථාන 47කදී ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ආරම්භ වුණා.

මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයන් 53,384 දෙනෙකු සුදුසුකම්  ලබා සිටිනවා.

කොට්ඨාශ මට්ටමින් මහජන නියෝජිතයන් 17 දෙනෙකු සහ සමානුපාතික නියෝජනය යටතේ මහජන නියෝජිතයන් 11 දෙනෙකු තෝරා ගැනීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ද අද ඇල්පිටිය ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.

අද දිනය තුළ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා ක්‍රියාත්මක කර ඇති ආරක්ෂක වැඩපිළිවෙල පිළිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් විමසා සිටියා.

ඔහු කියා සිටියේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියළුම ඡන්ද මධ්‍යස්ථානවලට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවයි.

එමෙන්ම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජංගම පොලිස් මුර සංචාර 18ක් යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top