Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 10
3,166
Views
පරාජයෙන් හෙම්බත් වෙලා හිටපු ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් කණ්ඩායම ඊයේ ලැබූ ජයග්‍රහණය නිසා ලෝකෙම ඉහළ පිළිගැනීමට ලක්වුනා. ලසිත් මාලිංග ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පකිස්ථානයට යන්න බය වෙද්දී දසුන් ශානක ප්‍රමුඛ නව යොවුන් ක්‍රිකට් කණ්ඩායම මෙම අභියෝගය සඳහා ඉදිරිපත් වුනා කියන එක හැමෝම දන්නවා.

ඔවුන් ඒ අභියෝගය ජයගත්තේ ලොව අංක එකේ 20-20 කණ්ඩායම 3-0 පරාජය කරමින්. භානුක රාජපක්ෂට, ඕෂධ ප්‍රනාන්දුට 20-20 ගැලපෙන්නේ නෑ කිව්වා බොහෝ දෙනෙකුට පිත්තෙන් උත්තර දෙන්න මේ තරගාවලියේදී ඔවුන් දෙදෙනා සමත් වුනා.

ඒ වගේම කාලයක් තිස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථකව සිටි තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාගේ ස්ථානය ලබා ගත් වනිදු හසරංග සිය දක්ෂතාවය පෙන්නුවේ තරගාවලියේ වීරයා වෙමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වෙනුවට ආදේශ කිරීමට තවත් දක්ෂ ක්‍රීඩකයන් නොමැති බව මීට ටික දිනකට පෙර තේරීම් කමිටු සභාපති එක්තරා මාධ්‍ය හමුවකදී කියා සිටියත් පාකිස්ථානයට ගිය එම යොවුන් පිල අසන්තද මෙල්ට කටඋත්තර නැති වෙන්න වැඩ පෙන්නුවා.

කණ්ඩායමේ සමගිය ශක්තිමත් කර ගනිමින් සාර්ථක නායකත්වයක් ලබා දුන්න දසුන් ශානක කුසලානය ලබා ගැනීමෙන් අනතුරුව කරපු අපුරු වැඩක් ගැනයි අපි මේ කියන්න යන්නේ.

කුසලානයත් එක්ක ක්‍රීඩකයන් සියලු දෙනාම සමුහ ඡායාරූපයකට පෙනී සිටින අවස්ථාවේ පකිස්ථානයේ සිටින ආරක්ෂක නිලධාරීන් එම ස්ථානයේ සිට සියලුම මාධවේදීන්ට තර්ජනය කරමින් ''පස්සට යන්න පස්සට යන්න කියල'' තල්ලු කරද්දී ඉක්මනින් එතනට ආපු දසුන් ශානක ආරක්ෂක නිලධාරීන්ට කිව්වේ "එයාලට අපේ ලඟට ඇවිල්ල ෆොටෝ ගහන්න දෙන්න අපේ හිතේ කිසි බයක් නෑ කියලා ඒකෙන් දසුන් ශානක පෙන්නුවේ පකිස්ථානයේ ක්‍රීඩා කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් බය වෙන්නේ නෑ කියලා."
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top