Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 October 10
ඉන්ධන මිල සංශෝධනය කරන කමිටුව අද පස්වරුවේ රැස්වීමට නියමිතයි.
එම කමිටුව පස්වරු 6 ට පමණ මුදල් අමාත්‍යාංශයේදී රැස්වන බවයි එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මෙම ඉන්ධන මිල කමිටුව සෑම මසකම 10 වනදා රැස්වී මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල තීරණය කරන අතර, පසුගිය මාසයේ 10 වනදා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියලකින් සහ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු කෙරුණා.
සුපිරි ඞීසල් ලීටරයක මිල ද එහිදී රුපියල් 2කින් අඩු කිරීමටයි කටයුතු කෙරුණේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක දැන් මිල 137 ක් වන අතර, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 161ක්.
සුපිරි ඞීසල් ලීටරයක මිල රුපියල් 132ක්.
Top