Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 09
112
Views
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කර තිබෙනවා.

ඒ, ඔවුන් දෙදෙනාට ඇප ලබාදෙමින් මීට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබා දී තිබූ ඇප නියෝගය කොළඹ මහාධිකරණය නිෂ්ප්‍රභ කිරීමත් සමඟයි.

එම නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධිත අයදුම්පත සම්බන්ධයෙන් වන තීන්දුව මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව අධිකරණය තුලදී සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරින් භාරයට ගෙන තිබූ අතර, ඉන් අනතුරුවයි ඔවුන් මෙලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top