Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 09
1,841
Views
කියන දේ නාහන සිසුන් ගුරුවරුන්ට හිසරදයක් වන බව නොකිවමනාය. ඔවුහු හැම විටම එම සිසුන්ට අවවාද දෙති. අවවාද පිළිපදින්නේ නැත්නම් දඩුවම් ද දෙති. දෙමව්පියන්ට පැමිණිලි කරන්නේ කිසිම ආකාරයකින් හික්මවා ගත නොහැකි වුවහොත්ය.

පාසල් වියේදී ක්‍රීඩාවට බොහෝ දස්කම් දැක්වූ නමුත් දීපිකා පදුකෝන් ගුරුවරුන්ට හිසරදයක් වූ බව ගුරුවරු ඇගේ වාර්තා පොතේ තබා ඇති සටහන්වලින් පැහැදිලි වේ. පසුගිය දිනෙක ඇය මේ සටහන් සමාජ වෙබ් අඩවියක පළ කර තිබිණි.

‘‘දීපිකා දවල් සිහින දකින්නියක්..’’

එක් ගුරුවරයෙකු එවන් සටහනක් යොදා තිබිණි.

‘‘දීපිකා උපදෙස් පිළිපදින්නට ඉගෙන ගත යුතුයි..’’

තවත් ගුරුවරයෙකු සටහන් කර තිබුණේ එසේය.

‘‘දීපිකා පන්තියේදී කතා කරනවා වැඩියි..’’

වාර්තා පොතේ එවන් සටහනක් ද තිබිණි.

මේ සියල්ලටම ඇගේ සැමියා රන්වීර් සිං උපහාසාත්මක පින්තූරවලින් ප්‍රතිචාර දක්වා තිබුණේ අනෙක් අය ද සිනා ගන්වමිනි.

‘‘දැන් ජනප්‍රිය නිළියක් වුණත් ඒ කාලයේ ඇය සාමාන්‍ය පාසල් සිසුවියක් විතරයි.. ’’ සමහරු කියා තිබුණේ එසේය.

ඇය ඉදිරියේදී රඟපාන්නට නියමිතව සිටින්නේ මේග්නා ගුල්සාර්ගේ චාපාක් චිත්‍රපටියේය. ඇසිඩ් ප්‍රහාරයකින් පසුව දිවි බේරා ගත් ලක්ෂ්මි අගාර්වල්ගේ කතාව මෙම චිත්‍රපටියට පාදක වී තිබේ. මෙහි ප්‍රධාන නළු චරිතය හිමි වී ඇත්තේ වික්‍රන්ත් මැසීටය. එය 2020 ජනවාරි මාසයේදී තිරගත වෙන්නට නියමිතය.

83 ලෙසින් නම් කර ඇති ඊළග චිත්‍රපටියේ දීපිකා රඟපාන්නේ රන්වීර් සිං සමඟමය. මෙහි දිග හැරෙන්නේ ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායක කපිල් දේව්ගේ ජීවිත කතාවය.

Image result for deepika padukone

Image result for deepika padukone

Image result for deepika padukone

Image result for deepika padukone

Image result for deepika padukone

Image result for deepika padukone
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top