Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 09
651
Views
බොලිවුඩයේ කාර්යබහුල නළුවන් අතර පළමු පෙළේ සිටින්නේ ආක්ෂේ කුමාර්ය. ඔහුගේ චිත්‍රපටි කිහිපයක්ම වාර්තා බිඳ හෙළමින් ප්‍රදර්ශනය වූයේය. තවත් චිත්‍රපටි කිහිපයක් ඉදිරියේදී ප්‍රදර්ශනය වෙන්නට ද නියමිතය.

‘‘එයා හරි වාසනාවන්ත නළුවෙක්..’’

බොහෝ දෙනෙක් ඔහු පිළිබඳව එසේ කියති. එහෙත් තමා හැමදාමත් වාසනාවන්ත නොවූ බව මේ මෑතකදී ආක්ෂේ සඳහන් කළේය. ඔහු රඟපෑ චිත්‍රපටි 14ක්ම එක දිගට අසාර්ථක වූ සමයක් ඔහුගේ රංගන ජීවිතයේ තිබිණි.

‘‘එහෙම වුණාම ඕනම කෙනෙක් කඩා වැටෙනවා.. මමත් හිතුවා මේ මගේ රංගන ජීවිතයේ අවසානය තමයි කියලා... ඒත් මම එහෙම කඩා වැටුණේ නෑ.. වෙන දෙයක් වුණාවේ කියලා බලාගෙන හිටියා..’’ ඔහු කීවේය.

ඔහුට හිත හදා ගන්නටත්, වැටුණාට වඩා ශක්තියකින් නැගී සිටින්නටත් උදව් වූයේ තමා උගත් ආත්මාරක්ෂක සටන් ක්‍රම තුළින් ලැබුණ හික්මීම හා දරා ගැනීමේ හැකියාව බව ඔහු විශ්වාස කරන්නේය. ඔහු අද මේ තරම් දුරකට පැමිණ සිටින්නේ එම විශ්වාසයේ ප්‍රතිඵලයක් ලෙසිනි.

ඔහුගේ ඉදිරි චිත්‍රපටි අතර හවුස්ෆුල් 3, ගුඩ් නිවුස්, බච්චන් පාණ්ඩේ , ලක්ෂ්මි බොම්බ් සහ සූර්යවංශි ද තිබේ. ඔහු අපූරු නළුවෙකු පමණක් නොව අපූරු මිනිසෙකු ද බව ආක්ෂේ කුමාර් ගැන දන්නා හැම දෙනෙක්ම කියති.

Image result for akshay kumar

Image result for akshay kumar

Image result for akshay kumar

Image result for akshay kumar
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top