Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 09
543
Views

ඉරානයේ පැවැත්වෙන පාපන්දු තරඟ  කිසිදු තහංචියකින් තොරව නැරැඹීමට ඉරාන කාන්තාවන්ට එරට රජය අවසර දී ඇතැයි වාර්තා වේ.

ඉරාන රජය පාපන්දුලෝලී කාන්තාවන් සම්බන්ධයෙන් මෙසේ විශේෂ අවසරයක් ලබා දී ඇත්තේ ලෝක පාපන්දු සම්මේලනයෙන් ඉරාන රජයට එල්ල වූ බලපෑම් හේතුවෙනි.

පාපන්දු ඉරානයේ ප්‍රචලිත ක්‍රීඩාවකි. ඉස්ලාමීය විප්ලවයෙන් පසු, ගතවුණු වසර 40 පුරාවට පාපන්දු ක්‍රීඩාංගනවලට ගොස් තරඟ  නැරැඹීමට අවසර හිමිවී තිබුණේ පිරිමින්ට පමණි.

හෙට (10) ඉරාන පාපන්දු කණ්ඩායම සහ කාම්බෝජ පාපන්දු කණ්ඩායම අතර තරඟයක් පැවැත්වෙයි. 2020 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට ඉදිරිපත් විය හැක්කේ අද දින තෙහෙරාන් අගනුවර අසාදි ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරඟයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමය.

මෙම පාපන්දු තරගය නැරැඹීමට කාන්තාවන්ට කිසිදු බාධාවක් නොමැති බව ඉරාන රජය නිවේදනය කිරීමත් සමඟ කාන්තා පාපන්දුලෝලීන් බොහෝ දෙනකු ලහිලහියේ ප්‍රවේශපත් ලබාගත් බව ඉරාන මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

(රොයිටර්ස්)

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top