Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 09
357
Views
කොත්මලේ අධ්‍යාපන කලාපයට අයත් පාසලක ශිෂ්‍යාවන් 7 දෙනකුට ලිංගික අතවර කළැයි චෝදනා ලැබූ එහි විදුහල්පතිවරයා අද (9) දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නාවලපිටිය වැඩබලන මහෙස්ත්‍රාත් එස්. මාස්වලගෙදර මහත්මිය නියෝග කළාය.
 
56 හැවිරිදි තිදරු පියකු වූ මෙම විදුහල්පතිවරයා එම පාසලේ අට ශ්‍රේණියේ ශිෂ්‍යාවන් දෙදෙනකුට, 9 ශ්‍රේණිය ශිෂ්‍යාවන් තිදෙනකු හා 10 ශ්‍රේණිය ශිෂ්‍යාවන් දෙදෙනකුට මෙසේ වරින්වර ලිංගික අතවර කළැයි චෝදනා එල්ලවී ඇත.
 
 කොත්මලේ පොලිසිය වෙත ලැබී තිබූ පැමිණිලි අනුව (7)  වැනිදා පෙරේදා මෙම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන මෙසේ නාවලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
 
 මෙම පාසලේ විදුහල්පතිවරයා දීර්ඝ කාලයක් තිස්සේ ශිෂ්‍යාවන්ට වරින්වර ලිංගික හිරිහැර සිදු කර තිබුණද එය හෙළි වී නොමැති අතර පසුගිය 28 වැනිදා එක් ශිෂ්‍යාවක් විදුහල්පතිවරයාගේ ලිංගික අතවරයට හසුව වේදනාවෙන් පැමිණ ඒ බව අනෙක් ශිෂ්‍යාවන්ට පවසා ඇත. එම ශිෂ්‍යාවන් මේ බව ගුරුවරියන්ට පැවසූ නිසා සිදුවීම දෙමාපියන් හට දැන ගන්නට ලැබී ඇත.
 
 වතු පරිසරය හා ඔවුන්ගේ නොදැනුවත් භාවය සමග මෙම කරුණ නීතිය ඉදිරියට නොගියද එක් දැන මුතු කාන්තාවක දෙමාපියන් මෙහි බරපතළකම පහදා දීම නිසා ඔවුන් මේ බව කොත්මලේ පොලිසිය වෙත පැමිණිලි කොට ඇත.
 
 ඒ අනුව කොත්මලේ පොලිසිය වෙත මෙවැනි පැමිණිලි 7 ක් ලැබීමත් සමග එම ශිෂ්‍යාවන් රෝහල්ගත කොට එම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබිණි.
 
 මෙම විදුහල්පතිවරයාගේ බිරිඳ මෙම පාසලේම සේවය කරන අතර වරක් ශිෂ්‍යාවන් පිරිසක් මේ බව ඇයට ද පවසා ඇත. එහිදී එම විදුහල්පති බිරිඳ පවසා ඇත්තේ ‘‘නාන්නේවත් නැති උඹලට මගේ ඩැඩා එහෙම කරනවාද. බොරු නොකියා ඉඳපල්ලා’’ යනුවෙනි.
 
 කොත්මලේ පොලිසිය වෙත ලැබී ඇති පැමිණිලි මත වහාම ක්‍රියාත්මක වූ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එච්. ඒ. ප්‍රේමලාල් මහතා තවත් මෙවැනි ලිංගික හිංසනයන්ට ගොදුරු වූ ශිෂ්‍යාවන් සිටීද යන්න සෙවීමට පරීක්‍ෂණ අරඹා ඇත.
 
 මේ පිළිබඳව කොත්මලේ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ද පරීක්‍ෂණයක් අරඹා තිබේ. විදුහල්පතිවරයා සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බව එම ආරංචි මාර්ග පැවසීය.
 
 කොත්මලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එච්. ඒ. ප්‍රේමලාල්, කා. පො.කො. (6618) දුලීකා, පො. කො. (66583* රුවන් යන නිලධාරීහු මෙහි පරීක්‍ෂණ කටයුතු සිදු කරති.

දිවයින
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top