Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
Home
Gossip
Video
Political
Entertainment
Gallery
HOME
/
GOSSIP
අපි අතර රහස් නැහැ- මට දැනුණේ ඒ මගේ හුස්ම කියලා [Photos]
2019 October 08
2,075
Views
ඔහුගේ හඬ මෙන්ම රුවද ඔබේ හදෙහි ආදරණිය සටහන් තබා ඇති බව නොඅනුමානය. විටෙක ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙන නිවේදකයකු ලෙසින්ද ඔබේ ගෞරවයට පාත්‍ර වූ ඔහු මේරියන්ස් කණ්ඩායම් නායක නලින් පෙරේරා.
පියෙකු ලෙසින් හිස ඔටුනු පැළඳුවේ මීට අවුරුදු කීයකට කලින්ද?
හරියටම අවුරුදු 24කට කලින්. දැං මගේ දුවට අවුරුදු 24ක්. අපි විවාහ වුණේ 1994 වසරේ දෙසැම්බර් මාසේ. දුව 1995 දී ලැබුණා.
දුවෙක් පළමුවරට ලැබීම ඔබ බලාපොරොත්තු වූ දෙයක්ද?
අම්මෝ ඔව්. අපි දෙන්නාගේම ලොකු ආසාවක් තිබුණ පළමුවරට දුවෙක් අපිට ලැබෙනවා නම් කියලා. ආසාව ඒ විදිහටම ඉෂ්ට වුණා.
මතකයේ තියෙනවා ද බිරිඳ දරුවෙක් ලැබෙන්න යනවා කියන පණිවිඩය මුලින්ම ඔබට කියපු වෙලාවේ හිතට දැණුන දේ.
ඔව්. මට ඒ සුන්දර මතකය අද ඊයේ වගේ. ඒ මිහිරි වදන් කනට ඇහුණාම මට මහා ලොකු වචනයෙන් විස්තර කර ගන්න බැරි සතුටක් දැනුණා. ඒ වගේම ‘දෙයියනේ මට දරුවෙක්’ මම තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා හිතලා හිතට දැනුනාම ඊට පස්සේ හිතුණා දැං යම්කිසි තලයකට ආපු ස්ථිර කෙනෙක් නේද කියලා. ඒ හැමදේම එක්ක හිතට දැනුනා මට ලොකු වගකීමක් බාර ගන්න වෙනවා කියලා. මේ සියලූ හැඟීම් එක්ක මම දින ගැන්නේ දරුවා ලැබෙන දවස වෙනකං.
කුසේ හිටියදී බිරිඳගේ කුසට අත තබනකොට කුසේ ඉඳං චූටි දුව චලනයෙන් දක්වන ප්‍රතිචාරත් එක්ක මම අප්‍රමාණ සතුටක් වින්දා. 8 වෙනි මාසයේදී අප කුසේ ඉන්නේ දුවෙක් කියලා දැන ගත්තේ. එදානම් මම පුදුමාකාර සතුටකින් හිටියේ. ඊට පස්සේ මාසෙන් මාසය ළංවෙලා දරු ප්‍රසූතියට බිරිඳ සූදානම් වෙනකොට මට ඇය අපහසුවෙන් ගත කරන කාලය බලන්න බැරිතරං වුණා. හරිම සංවේදී වුණා.
මම ඇය ළඟම හිටියා. මට ඇගේ වේදනාව බාර ගන්න පුළුවන්නම් එදා මම ඒක කරනවා. ඇත්තටම ලේබර් රූම් එකට ඇරලවලා ඒ බිත්ති හතරට එහා පැත්තේ ඉඳන් අහං හිටියා දරුවාගේ හඬන ශබ්දය. මිනිස්සු හඳට යන්න රොකට් හදන්න ගන්න උත්සාහය දෙවැනි වන්නේ නැහැ අම්මා කෙනෙක් දස මාසයක් කුසේ දරං අංගසම්පූර්ණ මිනිස් පැටියෙක් ලෝකයට දායාද කරන්න දරන උත්සාහය. ඇත්තටම මට මේ වේදනාවත් සතුටත් එක්ක කළ සිදුවීම් මාලාවක් එක්ක අප්‍රමාණ ගෞරවයක් බිරිඳ කෙරෙහි ඇති වුණා.
දුව අතට ගත්තාම
මට දැනුනේ ඒ මගේ හුස්ම කියලා මට දැනුණා. ඒ එක්කම මට දැනුනා මම ඔටුනු පැලඳු රජෙක් වගේ මහා ආඩම්බරකාර ආදරණීය හැඟීම් කැටිවුණ මහා ගාම්භීර බවක්.
ඊට පස්සේ ඉතිං දුවව නාවන කරන ඒවා නැපී හෝදන ඒවා බොහෝ විට කෙරුණේ මගේ අතින්. ඒ දවස්වල ?ට සංගීත ප්‍රසංගවලට සහභාගිවෙලා ගෙදර එනකොට පාන්දර පහයි. ඒත් උදේට කවදාවත් නිදාගන්න ලැබුණේ නැහැ. දුවගේ වැඩ කරලා එයාව පපුවට තුරුළු කරං ආදරේ කරනවා හැරෙන්න මට වෙන වැඩක් තිබුණේම නැහැ.
ඔය විදිහට ටිකටික ලොකු වෙනකොට දුවා මා තුරුලේම ආදරය හොයන්න ගත්තා. දුවට අවුරුදු පහක් වෙනකොටයි අපි තව දරුවෙක් පවුලට සිටිය යුතුයි කියන අදහසට ආවේ. එතකං ඉතිං අපි දෙන්නාගේම හුස්ම වුණේ දුව.
දෙවැනි වර පුතෙක් ලැබෙයි කියලා බලාපොරොත්තු වුණාද?
ඔව්. දුවෙක් හිටපු නිසා දෙවැනි දරුවා පුතෙක් වුණොත් හොඳයි කියල හිතුවා. නමුත් කවදාවත් පුතෙක් ඉන්න ඕනේ පරම්පරාව ගෙනියන්න කියන හැඟීමක් නම් කවදාවත් තිබුණේ නැහැ. පුතා ඉපදිලා එයා බලන්න ආපු කට්ටිය ආ නලින් දැං පරම්පරාව ගෙනියන්න කෙනෙක් ඉන්නවා කියලා කියනකොටයි මට ඒ අදහස ආවේ.
පුතා ඉපදෙන්න ඉන්නකොට ලංකාවේ නිල්මිණිව (බිරිඳ* බලපු ඩොක්ටර් ‘ආ නලින් ඔයාට මේ පාරත් දුවෙක් කියලා’ එතකොට කුසට මාස 5ක් විතර ඇති. එදානම් මට ටිකක් විතර හිතට දුකක් දැනුණා. ඒත් මම හිත හදා ගත්තා කවුරු වුණත් මේ මගේ දරුවෙක්නේ කියලා.
ඊට මාස දෙකකට පස්සේ ඉතාලියේ, ලන්ඩන්වලත් පැවැත්වෙන ප්‍රසංගයකට මම බිරිඳ එක්ක ගියේ. අපිට උවමනාවක් තිබුණා දෙවැනි දරුවා පිටරටක ඉපදෙනවා බලන්න.
අපි ඉතාලියට යනකොට බිරිඳගේ කුසට මාස හතාමාරක් විතර. එහිදී කොන්දේ අමාරුවක් හැදිලා ඉතාලිවල රජයේ රෝහලකට ගෙන ගියාම එහිදී ඇයව ස්කෑන් පරීක්ෂාවකට ලක්කළා. එහිදී ඒ වෛද්‍යවරයා කිව්වා ඔබට පුතෙක් ලැබෙන්න ඉන්නවා, අහවල් දවස්වල ප්‍රසූතිය සිදුවෙයි කියලා. මම ඒ වෙලාවේ ඩොක්ටර්ට කිව්වා නෑ ඩොක්ටර් වෙන්න බෑ. අපි ස්කෑන් කළාම කිව්වේ දුවෙක් ඉන්නවා කියලා කිව්වේ කියලා. ඊට පස්සේ ඒ ඩොක්ටර් නැවත බිරිඳව ස්කෑන් කරවා පුතෙක් කුසේ ඉන්න බව මට පෙන්නුවා. ඒ මොහොතේ හිතට දැනුණ සතුටට මට ස්කෑන් කාමරය ඇතුලේම කෑ ගැහුණා. අත්දෙක එකතු කරලා මම දෙයියන් වහන්සේට ස්තුති කරලා බිරිඳගේ නළල සිප ගත්තා. කොහොම හරි පුතා ඉපදුණේ ලන්ඩන් වලදී. ස්වාභාවික ප්‍රසූතියක්. ප්‍රසූතිය ආරම්භයේ ඉඳලාම, අවසානය වෙනකම්ම මම ඇස් දෙකෙන් බලන් හිටියා.
අද මොකද හිතෙන්නේ දරුවෝ දකිනකොට
අද අපි හතර දෙනාම ඉන්නේ හොඳම යාළුවෝ වගේ. හරිම විනෝදකාමියි. අපි අතර රහස් නැහැ. ඕනෑම දෙයක් පවුල ඇතුලේ කතා කරන්න පුළුවන්.
අද ඔබට ජීවිතය දැනෙන්නේ කොහොමද?
මම කිතුණු භක්තිකයෙක්. මම හිතනවා ජීවිතයට සතුට වගේම දුක එන්නෙත් යම් යම් දේ කියා දෙන්න කියලා. දුකක් කළකිරීමක් දැනුනාම අපිට හිතෙනවා ඇයි දෙයියනේ අපටම මේ දේවල් වෙන්නේ කියලා. ඒත් ප්‍රශ්න කියන දේ ඇවිත් ගියාට පස්සේ ජීවිතයට ලැබෙන පන්නරය මහා හයියක්. ඒ නිසා මම දුකක් දැනුන වේලාවටත් සතුටක් දැනුන වේලාවටත් දෙවියන් වහන්සේට ස්තුති කරනවා.
අපි අපේ ජීවිතයට ඉවසීම කියන දේ එකතු කරගන්න පුළුවන්නම් අපි කවදා හරි ප්‍රශ්න හමුවේ ජයගන්නවා. පවුල් ජීවිතයක් තුළ තිබිය යුතුම ගුණාංගය තමයි ඉවසීම. අමාරුවෙන් හරි ඉවසන් ඉන්න පුළුවන්නම් ඊට පස්සේ උදාවෙන මොහොතේ අපි ඉවසීමෙන් ජයග්‍රහණය කරනවා.
මුළු ලොවක් ඔබට ඔබේ කටහඬට ආදරය කරනවා ඇති. ඔබ ආදරේ?
මම ආදරේ මගේ දරු දෙදෙනා නිසා ශක්තිමත්ව තියෙන මගේ සුන්දර පවුලටම. කෙනෙක් හිතන්න පුළුවන් මේ ලෝකයේ ලොකුම සතුට සල්ලි ගොඩක් හම්බ කළාම ලැබෙනවා කියලා. තව සමහරු හිතනවා වටිනා සුඛෝපභෝගී වාහනයක් ගත්තදාට සතුටුයි කියලා. තවත් සමහරු හිතන් ඉන්නවා තට්ටු පිට තට්ටු ගෙවල් හැදුවාම එදාට මම සතුටුවෙනවා කියලා. ඇත්තටම මිනිහෙකුගේ සතුට තියෙන්නේ ඔය කොතනවත් නොවේ හදවතේ. සියයට දාහකින් මම අවංකව ජීවත්වන, පවුලට සාධාරණය ඉෂ්ට කරන ස්වාමියෙක්. දරුවන්ට විශ්වාසවන්තව ජීවත්වෙන පියකු විදිහට පවුලෙන් ආදරයක් දිනාගන්න පුළුවන්නම් එයා තමයි මේ ලෝකයේ ඉන්න ලොකුම පොහොසතා. අද මම එවැනි පියෙකු ස්වාමියෙකු ලෙසට ජීවත්වෙනවා කියා උපරිම සතුටකින් ඉන්නේ. ඇත්තටම ලොවක් මට ආදරේ කළත් මම ආදරේ මගේ දරු දෙදෙනාටයි බිරිඳටයි.
අසුන්තා එදිරිසූරිය
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
GOSSIP
680
මූ මාව ආශ්‍රය කරන අතරේ මගේ නෝනා එක්ක යාළු වුණා හිතේ වේදනාවට මම කෝච්චියට පැනලා මැරුණා
තව කියවන්න
GOSSIP
1,038
කළු සුදු කොටු අතරින් ජීවිතය සොයාගත් කැට්වේ රැජිණ පියෝනා
තව කියවන්න
GOSSIP
435
ආදරේ ලැබෙනකම් මට ජීවිතේ ඕනම කාලයක් බලා ඉන්න පුළුවන්-මම සිංහල කියලා වෙනසක් දැක්කුවේ නෑ
තව කියවන්න
GOSSIP
779
මිතුරකුගේ උදව්වට ගිහින් නිවෙසක උඩුමහලින් වැටී මියගිය වෛද්‍ය මධුශංඛ
තව කියවන්න
GOSSIP
698
මට ප්‍රේම කරපු අය එතකොට දැන ගත්තා එතෙක් මම කළේ බොරුවක් කියලා
තව කියවන්න
GOSSIP
514
මම සාමාන්‍යයෙන් ගොසිප් හදාගන්න කැමති නැති කෙනෙක් සහ එහෙම මං ගැන කතාකරන්න දෙයක් නැහැ
තව කියවන්න
GOSSIP
1,617
කාටත් රහසේ නර්මදා දෙවැනි වරටත් මව් පදවියට සැරසෙයි
තව කියවන්න
GOSSIP
1,100
මරණ දඬුවමින් වන්දි ගෙවූ අවුරුදු 14ක සිසුවෙකුට, වසර 70කට පසු ලොවම සංවේදී කරමින් යුක්තිය ඉටු වූ හැටි - Photos
තව කියවන්න
GOSSIP
208
මම බිමට බැහැලා බලනකොට මගේ පුංචි කෙල්ල රෝදයකට අහුවෙලා
තව කියවන්න
GOSSIP
1,022
හැමෝගේම ජීවිතවල අඩු වැඩි වශයෙන් දුක සතුට කියන දේ තිබෙනවා
තව කියවන්න
GOSSIP
2,645
උපාධි ලෝගුව පැළඳගත් ලංකාවේ ජනප්‍රිය තරු - [Photos]
තව කියවන්න
GOSSIP
563
සුරූපී සිත්තරාවිය ජුලියාගේ පින්සලින් නැවත පණ ලද මහලු ඉන්දීය කත - [Photos]
තව කියවන්න
SOCIAL MEDIA
Rate Gossip - රටේ ගොසිප්
LATEST GOSSIP
GOSSIP
672
ක්‍රිකට් ක්‍රීඩක නසීර්ට පළමු පන්දු දෙකට ලකුණු ලබා නොගත් නිසා වසර 10ක තහනමක්
තව කියවන්න
GOSSIP
698
මට ප්‍රේම කරපු අය එතකොට දැන ගත්තා එතෙක් මම කළේ බොරුවක් කියලා
තව කියවන්න
GOSSIP
435
ආදරේ ලැබෙනකම් මට ජීවිතේ ඕනම කාලයක් බලා ඉන්න පුළුවන්-මම සිංහල කියලා වෙනසක් දැක්කුවේ නෑ
තව කියවන්න
GOSSIP
347
දකුණු ආසියාවේ පිහිනුම් කිරුල මැතිව්ට
තව කියවන්න
GOSSIP
211
අද උදෑසන අටේ සිට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
තව කියවන්න
GOSSIP
294
ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැළඳි කැරොලින් ජූරි දිවයිනට
තව කියවන්න
GOSSIP
208
මම බිමට බැහැලා බලනකොට මගේ පුංචි කෙල්ල රෝදයකට අහුවෙලා
තව කියවන්න
GOSSIP
1,246
පිළිකාවෙන් ජයගෙන සටන් පිටියට පැමිණි Romangට වේදීකාවේදී අත්විදීමට සිදු වූ දේ
තව කියවන්න
GOSSIP
248
උඳුවප් පොහෝ දිනයෙන් සිරිපා වන්දනා සමය ඇරඹෙයි
තව කියවන්න
GOSSIP
426
කාලගුණයෙන් රතු නිවේදනයක්
තව කියවන්න
GOSSIP
193
ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියට රටින් පිටවීමේ තහනම දිර්ඝ කරයි
තව කියවන්න
GOSSIP
805
'පයින් ඇවිදයමින් ඔවුන් භූගෝල විද්‍යාව ඉගෙන ගන්නවා'- නියම ජීවිතය හොයාගත් යුදෙව් පවුලක්
තව කියවන්න
GOSSIP
664
මහසෑයේ සිළුමිණ නිමැවූ අංක එකේ නිමැවුම්කරුගේ කතාව
තව කියවන්න
GOSSIP
1,022
හැමෝගේම ජීවිතවල අඩු වැඩි වශයෙන් දුක සතුට කියන දේ තිබෙනවා
තව කියවන්න
GOSSIP
262
ඉන්දියාවේ ගින්නකින් 43 දෙනෙකු මරුට
තව කියවන්න
තව කියවන්න
Top 10 Commenters
Latest Comments
Home
/
Gossip
/
Political
/
Entertainment
/
Video
/
Gallery
Top