Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 08
2,220
Views
“වේල්සයේ රෝස කුසුම” නැතිනම් තම සුන්දරත්වයෙන් ලොවක් ආකර්ෂණය කර ගැනීමට සමත් වූ සුරූපී යුවතියක් තමයි ඩයනා  කුමරිය කියන්නේ. බ්‍රිතාන්‍ය රජ පවුලේ එක සාමාජිකාවක් වු ඇය ගැන ලෝකය පුර නිරන්තරයෙන්ම කතා කරන්නට පටන් ගත්තා  සේම ලොවක් හඬලමින් සිදුවූ  ඇයගේ  මරණය පිලිබදවද ලෝකයේ දැඩි අවධානයක් යොමු වුණා.

තමන්ගේ පෙම්වතා වුණු ඩොඩී අල්ෆයඩ් එක්ක පැරිස් නගරයේ උමං මාර්ගයක ගමන් ගනිමින් ඉද්දී සිදුවුණු අභිරහස් රිය අනතුර ගැන ගොඩක් දෙනා නොයෙක් මත පල වුනු අතර ඇය  ජීවත් වෙලා ඉඳපු කාලය ඇතුළත ප්‍රශ්න ගොඩකට ඇයට මුහුණ දෙන්න වුණු බවට ලෝකය පුරා නොයෙක් මත පල වුණා.

එංගලන්තයේ විතරක් නෙවෙයි, මුළු ලෝකයේ ම අවධානය දිනාගත්ත සුප්‍රසිද්ධ කාන්තාවක් වුණ  ඇය ගැනත් සදහන් වෙමින් මේ දිනවල අපූරු පුවතක් වාර්තා වෙලා තිබෙනවා. ඒ ඇයගේ පෙනුමට ඉතාමත්ම සමාන පෙනුමකින් යුත් කාන්තාවක් පිලිබදව විදෙස් මාධ්‍ය සදහන් කර තිබීමයි.

නමින් Emma Corrin වන ඇය  ඩයනා කුමරියට සමන් පෙනුමකින් මෙන්ම ඇගේ  විලාසිත වලටද ඉතාමත්ම සමාන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. කෙසේවෙතත් අගේ මනරම් ඡායාරූප අන්තර්ජාලයේ පල වීමත් සමඟ ලෝකය අවධානය නැවතත් ඩයනා කුමරිය දෙසට හරි තිබෙන බවටයි වැඩිදුරටත් අනාවරණය වන්නේ.

මේ අන්තර්ජාලයේ පල වුනු අපූරු  ඡායාරූප කිහිපයක්


        
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top