Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 08
806
Views
අධික ශීතල දේශගුණයක් පවතින බවට නම් දරා ඇති ඇන්ටාක්ටිකා ප්‍රදේශයේ පිහිටි වර්ග කිලෝමීටර 1636 ක ප්‍රදේශයක් පුරා පැතිර තිබූ ටොන් බිලියන 315 ක් බරැති දැවැන්ත අයිස් කුට්ටියක් නැගෙනහිර ඇන්ටාක්ටිකාවේ ‘අමෙරි’ නමැති අයිස් කන්දෙන් ඉකුත් සෙනසුරාදා (28) කැඩී  ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඩී  - 28 නමින් හැඳින්වෙන මෙම කැඩී  ගොස් ඇති අයිස් කුට්ටිය ‘මෝල්ටා’ රාජ්‍යයේ ප්‍රමාණය මෙන් තුන් ගුණයක් විශාල වේ.
මෙම අයිස් කුට්ටි පිළිබඳව පර්යේෂණ පවත්වන විද්‍යාඥයින්ට අනුව මෙසේ දැවැන්ත අයිස් කුට්ටියක් අයිස් කන්දෙන් කැඩී  වෙන්ව යෑම දේශගුණික විපර්යාස නිසා සිදු වූවක් නොවන බවට විශ්වාස කෙරේ. මෙම කැඩී  යෑම ‘අමෙරි’ අයිස් කන්දේ ස්වභාවික චක්‍රයේ කොටසක් ලෙස විශ්වාස කෙරෙන බව ඔවුහූ කියා සිටිති.
විද්‍යාඥයන් නිගමනය කර තිබුණේ ‘අමෙරි’ අයිස් කන්දට අයත් ‘ලූස් ටූත්’ (බුරුල් වූ දත) නමැති අයිස් කොටස වසර 2000 සිට 2015 දක්වා කාලය තුළ කැඩී  වෙන්ව යනු ඇති බවයි. එම අයිස් කොටස කැඩී  නොයා ඩී  - 28 අයිස් කුට්ටිය කැඩී  යෑම පිළිබඳව එම අයිස් කුට්ටි පිළිබඳව පර්යේෂණය කරන ‘ඔස්ට්‍රේලියානු ඇන්ටාක්ටික් වැඩසටහනට’ අයත් තස්මේනියා විශ්වවිද්‍යාලයේ සාගර හා ඇන්ටාක්ටිකා කටයුතු පිළිබඳ ආයතනය” කැලිෆෝනියා විශ්වවිද්‍යාලය හා සෙන් ඩියෙගෝහි ස්ක්‍රිප්ස් සමුද්‍ර විද්‍යාව පිළිබඳ ආයතනය යන ආයතනවලට අයත් විද්‍යාඥයෝ විමතිය පළ කර තිබේ. මෙම අයිස් කන්ද පිළිබඳව ඔවුහූ වසර ගණනාවක් මුළුල්ලේ අවධානයෙන් පසු වූහ.
ස්ක්‍රිප්ස් ආයතනයේ විද්‍යාඥවරියක්  වන හෙලන් ඇමෙන්ඩා ෆ‍්‍රිකර්ට අනුව අයිස් කුට්ටියක් මෙසේ කැඩී  වෙන්වන බව දැන සිටිය ද එය ඔවුන් අපේක්ෂා කළ අයුරින් සිදු වී නොමැත. ‘අමෙරි’ අයිස් කන්දෙන් මෙයට පෙර අයිස් කුට්ටියක් කැඩී   වෙන්ව ගොස් ඇත්තේ වසර 55 කට පෙරදී බව අනාවරණය වී තිබේ.
 
 මෙම විද්‍යාඥ කණ්ඩායමේ සිටින ග්ලැසියර පිළිබඳ පර්යේෂකයකු වන ආචාර්ය ගැල්ටන් ෆෙන්සිට අනුව මෙසේ කැඩී  ගිය අයිස් කුට්ටිය හරහා මුහුදු ජල මට්ටම ඉහළ යෑමට සෘජු බලපෑමක් ඇති නොවේ.

එයට හේතු වී ඇත්තේ මෙම අයිස් කුට්ටිය මුහුදේ පාවෙන අයිස් කන්දක කොටසක් වීම නිසයි. එය හරියට ජල වීදුරුවක ඇති අයිස් කියුබ් එකක් බඳුයි. නමුත් අප බලා සිටිය යුත්තේ මෙසේ කැඩී  ගිය අයිස් කුට්ටිය නිසා ඉතිරිව පවතින අයිස් කන්ද මුහුදේ දියවී යෑමට බලපාන්නේ කෙසේද යන්න හා අයිස් කලාපයෙන් ඉවතට ඇදී යෑමේ වේගය කෙබඳු ද යන්න පිළිබඳව බව ආචාර්ය ෆෙන්සි කියයි.

 ඒමන්ති මාරඹේ
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top