Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 07
2,239
Views
ඇමරිකානු නිළි ඇන්ජලිනා ජොලිගේ රුවට සමාන පෙනුමක් ලබාගැනීමේ උපරිමයට ගිය අයෙක් ලෙස ප්‍රසිද්ධියට පත් ඉරාන ඉන්ස්ටර්ග්‍රෑම් තරුවක් වන සහර් තබාර් අත්අඩංගුවට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෙවියන්ට අපහාස කිරීම සහ ප්‍රචණ්ඩත්වය උසි ගැන්වීම ඇයට එරෙහිව එල්ල වී ඇති අපරාධ චෝදනා යැයි තස්නීම් පුවත් ඒජන්සිය වාර්තා කර තිබේ. 

පසුගිය වසරේ දී සහර් තබාර්ගේ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වීමට පටන් ගැනීමෙන් අනතුරුව ලොව පුරා ඇය පිළිබඳ කතාබහට ලක්විය.

ඇන්ජලිනා ජොලිගේ පිල්ලිය(Zombie) තමන් යැයි සඳහන් කරමින් ඇය ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට නිකුත් කළා ය.

ප්ලාස්ටික් සැත්කම් 50 කට පමණ මේ 22 හැවිරිදි තරුණිය මුහුණ දී ඇති බවට කටකතා පැතිරුණු අතර සමාජ මාධ්‍යයේ පළ කළ බොහොමයක් ඡායාරූප විශාල වශයෙන් සංස්කරණයට ලක් කර තිබුණි. 

මේ වනවිට සහර් තබාර්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමත් මකා දමා ඇත.

Image result for angelina jolie iran copy
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top