Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 07
2,158
Views
ඇමෙරිකන් ගායකයකු මෙන්ම ගීත රචකයකු ද වන ජස්ටින් බීබර් මෙම වසර මුලදී නිල වශයෙන් විවාහ විය. ඔහුගේ බිරිඳ බවට පත් වූයේ හේලිය.

දෙදෙනා පසුගිය දා යළිත් විවාහ උත්සවයක් පැවැත්වූහ. ඒ, දකුණු කැරොලිනාවේ ක්‍රිස්තියානි දේවස්ථානයකදීය.

විවාහ උත්සවයේ ඡායාරූප වෙනුවට නව යුවල අඩ නිරුවතින් කැල්වින් ක්ලයින් ඇඳුම් ප්‍රවර්ධනය සදහා ඡායාරූප සහ වෙළෙඳ දැන්වීම් පෙළකට පෙනී සිටියහ.

කැල්වින් ක්ලයින් යනු ජනප්‍රිය යට ඇඳුම් වෙළෙඳ නාමාවලියක් වන අතර, ඔවුන්ගේ නවතම වෙළෙඳ සන්නාම තානාපතිවරුන් වන්නේ බීබර් සහ බිරිඳ හේලිය.

බීබර් 25 හැවිරිදි වියෙහි පසුවන අතර ඔහුගේ අතගත් හේලී රෝඞ්ස් බීබර් 22 හැවිරිදි වියෙහි පසුවෙයි. හේලි ඇමෙරිකාවේ ජනප්‍රිය නිවේදිකාවකි. රූපවාහිනී තරුවකි.

‘ද සන්’ ඇසුරිනි




     
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top